“දැන් මේ රටේ තියෙන ප්‍රශ්න වලට වග කියන්න ඕනේ කවුද කියනවකෝ” උද්වේගකර හඩින් මිතුරෙක් විමසා සිටියේය.
“වෙන කවුද ඉතිං අයි.එම්.එෆ්. එක තමයි” තවෙකෙක් එසැණින් පිළිතුරැ දුන්නේය.
“තොපිට ඔල්මොරොන්දන්ද? කොහෙවත් ඉන්න උන් කොහොමද මේකට වග කියන්නේ” මම ඇසුවෙමි.
“අන්න ඒක තමයි ප්‍රශ්නේ උන් මොකටද කොහෙවත් ඉන්නේ. උන්ට තිබුණනේ මෙහාටම වෙලා ඉන්න” පළමුවැන්නා කීය.
“දැන් බලනවකෝ ඉස්සර නම් වමේ උන් ඉහළින්ම විරැද්ධයි අයි.එම්.එෆ්. යනවට. කවුරැ හිටියට විපක්ෂෙ විරැද්ධයි. එහෙමද දැන් කවුරැත් සැදී පැහැදී ඉන්නේ අයි.එම්.එෆ්. දෙය්යා අපිව බේර ගන්නකම්” දෙවැන්නා කීය.
“ඒත් ගෑස් පෝළිම් තෙල් පෝළිම් ඩොලර් කරනම් දරලා මිනිස්සු විදින දහ දුක දැකල, කන්නලව් කරලා තියෙද්දිත් මේ පාහර දෙය්යගේ පඩුපුල් ආසනේ රත් වෙන්නේ නෑනේ” පළමුවැන්නා කෝපයෙන් කීවේය.
“සැර වැඩි නැද්ද? වැරදිලා හරි ඕවා ඇහිලා දෙන්න බෑ කිව්වොත්! අනික වෙලාවට කලාවට ණය නොඉල්ලපු එක නෙමෙයිද ප්‍රශ්නේ?” මම ඇසුවෙමි.
“පිස්සුද? අයි.එම්.එෆ්. එක තියෙන්නේ මොකටද? ලොකේ ආර්ථිකේ ගොඩ දාන්න. හරියට අම්මා කෙනෙක් වගේ. එතකොට අම්මා දැන ගන්න ඕන තරවටු කරලා හරි ළමයා ගොඩ දාන්න. අම්මපා මෙහෙමත් අම්මලා” දෙවැන්නා අම්මලාට බැන්නේය.
“ඒ වුණාට මිනිස්සු නම් කියන්නේ අයි.එම්.එෆ්. නීතිත් එක්ක මාටියා ගහන්න අමාරැ හින්දයි කියලා මුලින්ම නොගියේ” මම රටේ ඕපාදූපය දිගහැරියෙමි.
“මොන බොරැද? මීට ඉස්සර ආණ්ඩු අයි.එම්.එෆ්. ණය වලින් පිල්ලි ගැහුවෙ නැද්ද? ඒ වැඩේට අන්තර්ජාතික ශුරතාවය වුනත් දිනන් පුළුවන් ටීම් එකක් අපිට ඉන්න. හිතුනොත් අයි.එම්.එෆ්. එක පිටින්ම වුනත් ගිලින්න අපට පුළුවන්” පළමු මිතුරා කයිවාරැ ගැසුවේය.
“එතකොට මොකක්ද මෙතන ප්‍රශ්නේ?” මට නොවැටහුණි.
“මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. ගෑස් පෝලිම් තෙල් පෝලිම් දික් කරලා ඩොලර් ගුවන්ගත කරලා ජනතාව කුපිත කරලා, මේ දේශප්‍රේමි ආණ්ඩුව වට්ටලා වෙන කාට හරි තමයි උන් ණය දෙන්න හදන්නේ” මිතුරා අයි.එම්.එෆ්. ප්ලෑන හෙළි කළේය.
“අම්මපා! ඉතිං ඒකත් අපි කරදර නොවී උන්ම කරලා දුන්නම පහසු නැද්ද ඕයි!” කියූ මම සතුටෙන් පුටුවෙන් නැගිට්ටෙමි.
“තමුසෙ කොහෙද ඔය යන්න හදන්නේ?” මිතුරෙකු මා යන මග හරස් කර තර්ජනාත්මකව විමසීය.
“ගෙදර ඕයි ගෙදර. ගෑණිට පණිවිඩේ කියන්න”
“මොන පණිවිඩේද?” පාර හරස් කරමින් සිටි මිතුරා මට ඉඩ දෙමින් පැවසීය.
“අයි.එම්.එෆ්. එක රට ගොඩ දාන්න යන්නේ’ කියන පණිවිඩය”