අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති නියමයෙන් හමුදාපති ගොවිතැන අතට ගනී!

by editor
පෙබරවාරි 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති වරයාගේ  නිර්දේශය මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති  ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වය යටතේ පිහිට වූ හරිත කෘෂිකර්මාන්ත ක්‍රියාන්විත මධ්‍යස්ථානය (Green Agriculture Operations Centre) මේ වනවිට සිය මෙහෙයුම් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම ක්ෂේත්‍ර ආරංචි මාර්ග පවසයි.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පිහිටුවා එහි ප්‍රධානියා ලෙස කොවිඩ් සාර්ථකව පාලනය කිරීමෙන් අනතුරුව එය පවත්වා ගැනීම සෞඛ්‍ය අංශයට පැවරීමෙන් පසු ජනපති නියමයෙන්  යුද හමුදාපතිවරයා මෙසේ  රටේ කෘෂිකර්මය දියුණු කිරීමේ වගකීම  සිය කරට ගෙන  ඇත.

ජනාධිපතිවරයාගේ  හරිත කෘෂිකර්මාන්ත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා පසුගිය දෙසැම්බර දෙවැනි සතියේ ආරම්භ කළ මෙම  මධ්‍යස්ථානයේ   ප්‍රධානියා වන යුද හමුදාපතිවරයාගේ උපදෙස් හා මග පෙන්වීම  යටතේ ක්‍රියාත්මක වීම සඳහා කමිටු සාමාජිකයන් ලෙස  කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්, ගොවි ජන සංවර්ධන කොමසාරිස් ජනරාල්,  ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, පලිබෝධ නාශක රෙජිස්ට්‍රා ජනරාල් ඇතුළු කෘෂිකර්ම ක්ෂේත්‍රය මෙහෙයවූ  රටේ ප්‍රධානම විද්වත් වෘත්තිකයන්  දස දෙනෙකුට වැඩි පිරිසක් නම් කර තිබේ.

කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ  සීමාසහිත ලංකා පොහොර සමාගම ඒකාබද්ධ කර ජාතික කාබනික පොහොර සහ බෙදාහැරීමේ සමාගම ඇති කර හරිත කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය ප්‍රමිතිගත  ඝණ සහ ද්‍රව කාබනික පොහොර  නිශ්පාදනය දිරිමත් කිරීම මෙම මධ්‍යස්ථානයේ ප්‍රධානම ප්‍රමුඛතාවයක් විය යුතු බවට ජනපතිවරයා නිර්දේශ දී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ගොවීන්ට නියමිත වෙලාවට පොහොර නොමිලයේ ලබාදීම, රටේ සෑම දිස්ත්‍රික්කයකම පොහොර ඉල්ලුම සපුරාලීම, වී බඩඉරුගු ධාන්‍ය, පළතුරු සහ දේශීය එළවළු නිශ්පාදනය වේගවත් කිරීම, හරිත කෘෂිකර්මාන්තයට සුදුසු බීජ සහ පැළවර්ග ප්‍රවර්ධනය  කිරීම,  කෘෂිකර්මාන්තයට සහ ආහාර බෝග නිෂ්පාදන බෙදා හැරීමට සම්බන්ධ ඉහළම මට්ටමේ සිට බිම් මට්ටම දක්වා සියලුම නිලධාරීන්ගේ කටයුතු සම්බන්ධීකරණය කිරීම, කාබනික ආහාර පරිභෝජනය පිළිබඳ සෞඛ්‍ය අධ්‍යාපනය සහ සන්නිවේදන වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම,  දේශගුණික විපර්යාස සඳහා තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමට   පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බළකා දෙක සමඟ   සම්බන්ධීකරණය කිරීම හමුදාපතිවරයා යටතේ ඇති මෙම මධ්‍යස්ථානයට පවරා තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සති දෙකකට වරක්  පැවැත්වෙන ජාතික හරිත ආර්ථික සභාව සංවිධානය කිරීමේ වගකීම ද හරිත කෘෂිකර්ම ක්‍රියාකාරී මධ්‍යස්ථානයට පවරා ඇත.

මෙම කටයුතු පවත්වා ගැනීම සඳහා  ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමස්ථ ක්ෂේත්‍ර නිලධාරීන් සම්බන්ධීකරණයට   දිස්ත්‍රික්ක මට්ටමින් සම්බන්ධීකරණ හමුදා නිලධාරියෙක්  පත් කර තිබේ.

අදාල හමුදා නිලධාරියා මේජර් වරයෙක් හෝ ඊට ඉහළ තනතුරක් දරන නිලධාරියෙක් බව දැනගන්නට ඇත.

මේ පිළිබඳව අදහස් දක්වා තිබූ ගොවි සංවිධාන පවසා තිබුණේ ගොවිතැන කිරීමට තවමත් තමන්ගේ හතර හන්දි පණ ඇති බවය.  ගොවිතැන සඳහා අවශ්‍ය යෙදවුම් නිසි ප්‍රමිතියකින්, නිසි කලට ලබා නොදී ඇති කළ ප්‍රශ්නය විසඳීමට හමුදාව කුඹුරට  බැස්සවීම පිළිතුරක්  වෙන්නේ කෙසේ දැයි විමසා සිටි ගොවීහු   හමුදාව කුඹුරට බැස්ස විට අස්වනු වැඩිවන්නේ කෙසේ දැයි ප්‍රශ්න කර තිබුණහ.

කියවන්න…

ගොයමට ශාක පෝෂක නොදී හමුදාව කුඹුරුවලට බැස්සුවම අස්වනු වැඩිවෙන්න හමුදාව පොහොර ද?

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රටෙන් අඩකට පැය තුනක් විදුලිය කැපෙද්දී බලශක්ති අර්බුදය  විසඳන්න හෙට විශේෂ කැබිනට් හමුවක්…

Next Post

චමුදිතගේ නිවසට ආරක්ෂාව ලැබෙයි !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.