අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගොයමට ශාක පෝෂක නොදී හමුදාව කුඹුරුවලට බැස්සුවම අස්වනු වැඩිවෙන්න හමුදාව පොහොර ද?

ගොං ජොක් එපා.. ඇළහැර ගොවීහු ආණ්ඩුවට කියති!!

by editor
පෙබරවාරි 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

ගොයමට අවශ්‍ය ශාඛ පෝෂක නිසි ආකාරයට ලබා නොදී යුද හමුදාව කුඹුරුවලට බස්සා අස්වනු ලබා ගැනීමට උත්සාහ කිරීමේ ගොං ජෝක් නොකර ලෙසත්, තමන්ගේ කුඹුරුවලට හමුදාව බලහත්කාරයෙන්  බස්සන්නට උත්සාහ කරන දිනයේ දී සිවිල් ගොවියාගේ ශක්තිය කුමක්දැයි කාට කාටත් හඳුනා ගැනීමට හැකි වනු ඇති බවත්   දැනුම් දීමේ මාධ්‍ය හමුවක්  ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ මඩුදමන ප්‍රදේශයේ දී අද (14) පැවත්විණි.

මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණේ ඇලහැර ව්‍යාපාරයේ රාජ්‍ය ගොවිසංවිධාන 41 ගොවීන් එක්වී නිර්මාණය කරගත්   ඇලහැර ගොවිජන එකමුතුව මඟිනි.

මෙහිදී මූලිකව අදහස් දැක්වූ  ඇලහැර ගොවිජන එකමුතුවේ කැදවුම්කරු මදුර ශ්‍රීපාලි පියරත්න පැවසුවේ මේ රටේ ගොවිජනතාව ගොවිතැන් කිරීමට දන්නා බවත් පොහොර නොදී හමුදාව කුඹුරට බස්සා පලදාව ගත හැකි යැයි ආණ්ඩුව සිතනවා නම් එය බිහිසුණු විහිළුවක් බවත්ය.

ඔහු මෙසේ ද පැවසුවේය.

” ගොවීන්ගේ සහයට හමුදාව කුඹුරට ”

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේක සෙල්ලමක් නෙවේ. මේ හදන්නේ අපිට ගොවිතැන නැති කරන්න. සෞඛ්‍ය සේවකයෝ ඔච්චර ඉද්දි වසංගතේට දැම්මෙත් හමුදාව. රටේ හැම එකකටම දැන් හමුදාව දාන්න හදන්නේ. අපි දන්නවා ගොවිතැනේදි ගොයම් ගහක් හැදෙන්න පොළොවේ පස් විතරක් නෙමේ නයිට්‍රජන්, පොස්පේට්,  හිරු එළිය,  මේ වගේ දේවල් ඕනි. දැන් ඒවා නැතිව බෝගයක් හැදෙන් නෑ.  ඉතිං දැන් යල කන්නේ හමුදාවෙන් නිළධාරියෙක් අපේ කුඹුරුවලට දැම්මට පස්සේ ඒ දේවල් ඉබේ ලැබෙනවද?.

මේවා ගොං ජෝක්. මේ සැරේ ඇලහැර විතරක් නෙමේ පොලොන්නරුවේ වී අස්වැන්න සියයට 70 කට වඩා අඩුයි. දැන් හමුදාවෙන් දාලා කුඹුරු කරා කියලා අස්වැන්න වැඩි වෙයිද?.

අපේ කුඹුරු ටිකත් සමාගම් වලට දෙන්න හදන කුමන්ත්‍රණයක් මේක, පොහොර සහනාධාරය සහමුලින් කප්පාදු කරලා දැන් ගොවිතැන විනාශ කරලා වී මිල රුපියල්  90 යි 100 යි කිව්වට වැඩක් නෑ.

යෙදවුම් වල ගාණ අහස උසට ගිහින්. යූරියා කිලෝ පහක් 2500 යි. ඒකත් හොයාගන්න නෑ. එකක් කියනවා. අපි අපේ කුඹුරු වලට බලහත්කාරයෙන් හමුදාව දාන්න ආවොත් අපි අපේ බලය එදාට පෙන්නන්න සූදානම්. මේ පාලකයොන්ට.

තව එකක්…  හැමදේටම හමුදාව යොදවන්න බෑ. එහෙම මහවැලි නිලධාරීන්, ගොවිජන සේවා නිලධාරීන් ඉද්දි හමුදාව යොදවලා මොකක්ද මේ හෑල්ලු කරන්න හදන්නේ කියලා අපි අහනවා.

අපි ආයෙත් කියනවා  අපේ කුඹුරු අපි හොදට කරන්න දන්නවා. සුදුසු පොහොරක්  දෙන්න.  ගොවිතැන කරන්න අපිට කාගෙවත් සහායක් ඕනී නෑ  තෙල් පොහොර ටික තිබිලා, අපේ අස්වැන්නට හොද මිලක් තිබ්බනම්.”

කහටගහපිටිය බෙඳුම් ඇල ගොවිසංවිධානයේ එම්.යූ.ජී.විජයසිරි සේනාරත්න  

“ඇලහැර කුඹුරු තාමත් මහ බණ්ඩිය නෑ. වෙනදට මේ වෙද්දි පීදුම් හමාරයි. අපිට දැන් පේනවා අස්වැන්නේ හැටි. රසායනික පොහොර ටික තිබ්බනම් වෙනදට අපි අක්කරයකින් වී බුසල් 100 ක් ගන්නවා, මෙදා වී බුසල් 25 ක් ගන්න වෙන් නෑ. ඉස්සර වී කරලක වී ඇට 220 ක් විතර තිබ්බා. ඒත් අද වී ඇට 20 ක් නෑ.  ඉතිං අක්කරයකට රජය දෙන්න යන වන්දිය ඇතිද?.  විනාශ උනු අක්කරයට ලක්ෂයක වන්දියක්වත් ඕනී. අක්කරයක් හාන්න 12000 ක් විතර ගියා. රජයෙන් දුන්නු පොහොර ගැහුවට හැදෙන් නැති වෙද්දි  ගිනි ගණන් දීලා පොල් පොහොර, තේ පොහොර, කඩේ තියෙන හැම එකක්ම පොඩ්ඩ පොඩ්ඩ ගහලා ගොඩ ගත්තත් දැන් වී ඇට දෙකක් නෑ. අපි කබලෙන් ලිපට වැටිලා ඉන්නේ”

එස්.ඩී.කහවත්ත  

“දැන් මේ වෙද්දි ගොවියගේ විරෝධය වලක්වගන්න ආණ්ඩුව කරපු එක තමා හානි වෙන වගාවට වන්දි දෙන්නම් කියපු එක. කොහොමද දෙන්නේ? කීයක්ද දෙන්නේ? හානිය බලන්න කවුද ආවේ කුඹුරකට? මේ කිසි දෙයක් නැතිව කොහොමද වන්දි ගෙවන්නේ…

අපිට මේ රජය කියන කිසි දෙයක් විශ්වාස නෑ. කොම්පෝස්ට් හදන්න 12500 ක් දෙනවා කිව්වට එක ගොවියෙක්ට සම්පූර්ණ 12500 ලැබිලා නෑ. 7500 යි ලැබුණේ. මේ වන්දි ගෙවන ආකාරය ගැන විද්‍යාත්මකව අපිට ගොයම් කපන්න කලින් පැහැදිලිව කිව්වෙ නැත්නම් ඇලහැර විතරක් නෙවේ, සමස්ථ රටේම ගොවි ජනතාව එක්ක මේ මාසේ ඉවර වෙන්න කලින් කොළඹට එන්න අපි ලෑස්තියි මේවට උත්තර ඉල්ලගෙන.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාල්ල කැත කළ බව කී මාළු වෙළෙඳසල් 23ක්  කඩා දමයි…

Next Post

මෝදිගේ මෝදු වන අසල්වැසි ප්‍රේමය

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.