ජනාධිපති අනුර කුමාර දිසානාය අද (16) දහවල් නාගදීප රජමහා විහාරය වෙත ගොස් එහි විහාරාධිපති අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.
අද (16) උතුරේ පැවති වැඩසටහන් කිහිපයකට සහභාගීවන අතරතුර ජනාධිපතිවරයා මෙම අවස්ථාවට එක් වූ අතර විහාරාධිපති හිමියන් මෙහිදී ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.
අනතුරුව යාපනය ශ්‍රී නාග විහාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත අද (16) පස්වරුවේ ගිය ජනාධිපතිවරයා නාග විහාරාධිපති උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රවේදී අතිපූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල නායක ස්වාමීන්වහන්සේ ද බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී විහාරස්ථානයට පැමිණ සිටි ජනතාව සමඟද සුහද කතා බහක නිරත විය.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.








