අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති උපදෙස් මත අන්තර්ජාතික වෙළෙඳාම සඳහා ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක්!

ආයතනයේ පළමු කාර්යය ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමයි ....

by editor
දෙසැම්බර් 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව ගෝලීය අගයදාමයන් සමඟ සම්බන්ධ කෙරෙන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් (ITO) මෙරට පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි තීරණය කර තිබේ.

ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ ආයතන වෙන් වෙන්ව ගනු ලබන ප්‍රවේශයන්හි අඩු පාඩු මඟහරවාලමින් එම කටයුතු වඩා කාර්යක්ෂම සහ විධිමත් කර ගැනීම වෙනුවෙන් මෙම නව කාර්යාලය ස්ථාපනය කෙරෙන අතර අදාළ සියලු ආයතන සම්බන්ධීකරණය කර ගනිමින් ජාත්‍යන්තර වෙළෙඳ අංශයන්හි උපරිම දායකත්වය රටේ ආර්ථිකයට ලබාදීම මෙමගින් සිදු කෙරෙනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

භාවිතයට නොගෙන සැඟවී ඇති වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්‍රයන්හි විභවතා ආර්ථික පුනර්ජීවනය සඳහා යොදා ගැනීම රජයේ ආර්ථික සංවර්ධන වැඩසටනෙහි මූලික අංගයක් බවත් , පළමුව දකුණු ආසියාව සමඟ සම්බන්ධ වී පසුව නැගෙනහිර දක්වා ව්‍යාප්ත වෙමින් චීනය, තායිලන්තය හා ඉන්දුනීසියාව සමඟ සම්බන්ධ වීමට මෙමගින් අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ දැක්වේය.

ලෝක ආර්ථිකයෙන්, වෙළෙඳාමෙන් හා ජනගහනයෙන් 30%ක හිමිකාරීත්වය දරන “කලාපීය “විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (Regional Comprehensive Economic Partnership – RCEP) සමග සම්බන්ධ වීම ශ්‍රී එහි අවසන් අරමුණ බව ද මාධ්‍ය නිවේදනයේ දක්වා තිබේ.

එම නිවේදනයට අනුව  ඊට  අඩිතාලම සපයන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කිරීමට නියමිතය. ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති කීර්තිමත් උපදේශක කණ්ඩායමක් ඒ සඳහා පත් කිරීමට නියමිත අතර ජාත්‍යන්තර වෙළෙඳ තානාපතිවරයෙකු විසින් එම කාර්යාලයේ කටයුතු මෙහෙයවනු ලැබේ.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

අදාළ සියලුම ආයතන මඟින් නම් කරන ලද නියෝජිතයින් ඇතුළත් ආයතනික ව්‍යුහයකින් මෙය සමන්විත වනු ඇති අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා සිදු කරන ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව ද මෙම ආයතනයට ඒකාබද්ධ කරනු ඇත.

එසේම, 2023 අය වැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළ පරිදි මෙම ජාත්‍යාන්තර වෙළෙඳ කාර්යාලය පළමුව මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලබන අතර පසුව එය විදේශ කටයුතු අමාත්‍යාංශයට ඒකාබද්ධ කෙරෙනු ඇත.

මෙම කාර්යාලය ස්ථාපිත කිරීමේ කටයුතු සම්පූර්ණයෙන් නිම වන තෙක් එහි ප්‍රධාන කාර්ය මණ්ඩල අවශ්‍යතා සපුරා ගැනී‍ම වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ස්ථානගත කර තිබේ.

ඒ අනුව, 2018 මැයි මාසයේදී බලාත්මක වූ නමුත් මෙතෙක් ක්‍රියාත්මක නොවූ “ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම” ක්‍රියාත්මක කිරීමට කඩිනම් පියවර ගැනීම ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයෙහි පළමු කාර්යය වනු ඇත.

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම් ප්‍රකාරව දෙරටේම නම් කරන ලද නිලධාරීන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුව 2023 ජනවාරි මාසයේදී රැස්වී ගිවිසුම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රමවේදයන් සකස් කිරීම අවසන් කරනු ඇත.

මෙයට සමාන්තරව එළැඹෙන ජනවාරි මාසය වන විට ඉන්දියාව, චීනය සහ තායිලන්තය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය කටයුතු කරනු ඇත.

මෙම කටයුතු සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රධාන සාකච්ඡාකරු සහ විශේෂිත ක්ෂේත්‍ර පිළිබඳ අනුකමිටුවලින් සමන්විත ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව (NTNC) පත් කර තිබේ.

ඊට සමගාමීව, ඉන්දියාව, චීනය සහ තායිලන්තය සමඟ ඇති කර ගැනීමට නියමිත නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත. ඒ අනුව ඉන්දියාව සමඟ 12 වැනි සාකච්ඡා වටය, චීනය සමඟ 7 වැනි සාකච්ඡා වටය සහ තායිලන්තය සමඟ 3 වැනි සාකච්ඡා වටය 2023 වසරේ පළමු මාස දෙක තුළ පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡා ඉදිරි වසර තුළදී අවසන් කිරීම රජයේ අපේක්ෂාවයි.

වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡාවල තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා සෑම සාකච්ඡා වටයකටම පෙර සහ පසුව වෙළෙඳ ප්‍රවේශය වැඩි දියුණු කිරීම ඉලක්ක කර ගත් නිදහස් වෙළෙඳ ගිවිසුම් හි අවසාන ප්‍රතිලාභීන් වන අදාළ වාණිජ මණ්ඩල/සංගම් සමඟ පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට ද සැලසුම් කර ඇත.

මේ වන විටත් ඊට අදාළව පළමු පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන 2022 නොවැම්බර් 17 දින පවත්වා අවසන් කර ඇත. තවද මෙම කාර්යාලය හරහා බංග්ලාදේශය සහ ඉන්දුනීසියාව සමඟ වරණීය වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා නැවත ඇරඹීම සඳහා ද ක්‍රියාමාර්ග ගනු ලැබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණයෙන්, ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය දැනට පවතින වෙළෙඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධ ගැටලු ද විසඳනු ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බටර් කේක් කිලෝවක් 1500යි… මේ මිලට විකුණන්න කේක් හදන්න බෑ…. බේකරි හිමියෝ කියති…

Next Post

බිග් බෑෂ් 20/20 තරගාවලිය මැද ඇෆ්ගන් වේග පන්දු යවන ෆසාල්හක් ෆාරුකීගේ ගිවිසුම අවලංගු කර පන්නා දමයි!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.