ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් 20/20 තරගාවලියට සහභාගී වෙමින් සිටි ඇෆ්ගනිස්ථානු වමත් සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ෆසාල්හක් ෆාරුකීගේ ගිවිසුම අවලංගු කර ඔහු එම තරගාවලියෙන් නෙරපීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා අද (23) තීරණය කර තිබේ.
ෆසාල්හක් ෆාරුකී ක්‍රීඩා කරමින් සිටි බිග් බෑෂ් ලීග් කණ්ඩායම සිඩ්නි තන්ඩර්ස් ය.
පසුගිය බ්‍රහස්පතින්දා සිදුවීමකින් පසු ෆාරුකිගේ හැසිරීම පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් සිඩ්නි තන්ඩර්ස් පරිපාලනය ක්‍රිකට් ඔස්ට්‍රේලියා වෙත යොමු කිරීමෙන් පසු සිදුකළ විමර්ශනයකින් අනතුරුව ඔහුගේ කොන්ත්‍රාත්තුව නවත්වා දමා ඇත.
ෆසාල්හක් ෆාරුකී විසින් ප්‍රදර්ශනය කරන ලද හැසිරීම් තමන්ගේ වටිනාකම්වලට පිටින් ඇති බවත් ඒ නිසා ඔහුගේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට තීරණය කරන ලද බවත්, නිවු සවුත් වේල්ස් ක්‍රිකට් ලී ගෙමොන් නිවේදනයක් නිකුත් කර ප්‍රකාශ කර තිබිණි.
“දැන් අපගේ අවධානය යොමු වී ඇත්තේ මෙම සිද්ධියේ වින්දිතයන්ට අවශ්‍ය සහයෝගය ලබා දීමයි.” ඔහු වැඩිදුරටත් කීවේය.
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ සිද්ධිය රහසිගත බවත් වැඩිදුර අදහස් ප්‍රකාශ නොකරන බවත්ය.
22 හැවිරිදි ෆාරුකි ඇෆ්ගනිස්තානය වෙනුවෙන් එක්දින තරග 10කට සහ විස්සයි20 තරග 17කට ක්‍රීඩා කර ඇත.
පසුගියදා ඕස්ට්‍රේලියාවේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී ඔහු විශිෂ්ට පන්දු යැවීමක යෙදුනේය.