යුරෝපා සංගමය නව ජනාධිපති අනුර කුමාර දිසානායකට සුබ පැතුම් එක් කර ඇත.
සැප්තැම්බර් 21 වැනි දින පැවති ජනාධිපතිවරණයේ දී ඉහළ ඡන්ද ප්‍රතිශතයක් හිමිවීමත් සමඟ ශ්‍රී ලංකාවේ ජනතාව ප්රජාතන්ත්රවාදය සඳහා ඔවුන්ගේ කැපවීම යළිත් වරක් පෙන්නුම් කළ බව යුරෝපා සංගමය ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් නිව්ස් ෆස්ට් වාර්තා කරයි.
“මැතිවරණය සාමකාමී ආකාරයකින් සහ තරඟකාරී දේශපාලන පරිසරයක් තුළ පැවැත්වුනා. ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ ආරාධනය පරිදි, යුරොපා සංගමය විසින් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමක් යෙදවූයේ මැතිවරණ ක්රමයේ සියලු අංශ පිළිබඳ ස්වාධීන, අපක්ෂපාතී සහ තාක්ෂණික තක්සේරුවක් සිදු කිරීමට යි. මෙම ක්‍රියාවලිය යහපාලනය සහ ප්රජාතන්ත්රවාදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ යුරෝපා සංගමයේ සමීප සහයෝගීතාව තවදුරටත් පිළිබිඹු කරනවා..
යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ දූත මණ්ඩල සිය මූලික වාර්තාවේ පෙන්වා දුන්නේ මෙහිදි මූලික නිදහසට පුළුල් ලෙස ගරු කළ බවත්, ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීනව සහ අධිෂ්ඨානශීලීව එම ක්‍රියාවලිය මෙහෙයවූ බවත්, මැතිවරණයේ සෑම ප්‍රධාන අදියරකදීම විනිවිදභාවය සහතික කරන බවත්…. යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ දූත මණ්ඩල විසින් ප්‍රගතිය අවශ්‍ය ක්ෂේත්‍ර හඳුනාගෙන තිබෙනවා. විශේෂයෙන්, දේශපාලන මූල්‍යකරණයේ විනිවිදභාවය වැඩි දියුණු කිරීම සහ පොදු සහ දේශපාලන ජීවිතය තුළ කාන්තා සහභාගීත්වය වැඩි දියුණු කිරීම ඉන් අංශ දෙකක් .
එමෙන්ම යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ දූත මණ්ඩල විසින් අනාගත මැතිවරණ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා නිර්දේශ ඇතුළුව සවිස්තරාත්මක අවසන් වාර්තාවක් ප්‍රකාශයට පත් කරනු ඇති” යුරෝපා සංගමයේ ප්‍රකාශකයා ප්‍රකාශ කර තිබිණි.
“ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ වැදගත් සහ වටිනා හවුල්කරුවෙක්. අප යහ පාලනය, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ අපගේ සහයෝගීතාව, වෙළඳ සහ ආයෝජන හවුල්කරුවන් ලෙස අපගේ සබඳතාව සහ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට සහ හරිත සංක්‍රාන්තිය ප්‍රවර්ධනය කිරීමට අපගේ ඒකාබද්ධ වැඩකටයුතු ගොඩනගා තිබෙනවා.
ප්රජාතන්ත්රවාදී වටිනාකම් සඳහා අපගේ හවුල් කැපවීම ප්‍රධාන කරගෙන ජනාධිපති දිසානායක සමඟ වැඩ කිරීමට අප බලාපොරොත්තු වෙනවා… ඒ වගේම රටේ ආර්ථික ප්‍රකෘතිමත් කිරීම, කල්පවත්නා සංහිඳියාව සහ සියලු දෙනා ඇතුළත් සෞභාග්‍යය සහ වර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ සඳහා ද යුරෝපා සංගමයේ සහයෝගය අඛණ්ඩව ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා.” යුරෝපා සංගමය ප්‍රකාශ කර තිබිණි.







