බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home විද්‍යා හා තාක්ෂණ

විශ්වවිද්‍යාල සිසුන්ගේ ජිවිතයට කෘතීම බුද්ධියේ බලපෑම

by LankasaraAI
සැප්තැම්බර් 24, 2024
in විද්‍යා හා තාක්ෂණ
Share on FacebookShare on Twitter

කෘතීම බුද්ධිය(AI) යනු පහුගිය කාල සිමාව තුල ලෝකය වෙනස් කළ, ඊටත් වඩා වේගයෙන් ඉදිරියේදී ලෝකය වෙනස් කරන ඇදහිය නොහැකි තාක්ෂණයකි. මිනිස් බුද්ධියෙන් සිතමින් සිදුකරන දෙයක් යන්ත්‍රයක්, පරිගණකයක් මගින් සිදු කිරීම සරලවම කෘතීම බුද්ධිය ලෙස හැදින්විය හැකිය. පහුගිය වසර කිහිපයක් තුළ විශාල වශයෙන් කතා බහට ලක් උනත් මෙය 1950 වගේ ඈත ඉතිහාසයක් ඇති තාක්ෂණයකි. ඇලන් ටියුරින් (Alan Turing), ජෝන් මැකාති (John McCarthy) යනු, අද ලෝකය වෙනස් කරමින් පවතින මෙම තාක්ෂණයේ පුරෝගාමී වූ පුද්ගලයන් වේ. මෙම නව තාක්ෂණයෙන් බලපෑමට ලක් නොවූ රැකියාවක් හෝ ක්ෂේත්‍රයක් ලෝකයේ නොමැති තරම්ය.

AI විවිධ කර්මාන්ත පරිවර්තනය කර ඇති ආකාරය සහ විශ්ව විද්‍යාල සිසුන්ගේ ජීවිත කෙරෙහි එහි බලපෑම මෙම ලිපියෙන් ගවේෂණය කරයි. විශ්වවිද්‍යාල සිසුන්ගේ එදිනෙදා කටයුතු සිදු කරගැනීමට කෘතීම බුද්ධිය මගින් විවිධ ආකාරයේ මෙවලම් සපයා දී ඇත. එම මෙවලම් භාවිතයෙන් සිසුන්ගේ ඉගෙනීම් රටාව මෙන්ම වේගයද සීග්‍රයෙන් වර්ධනය වී ඇත. සිසුන්ගේ කාර්යයන් පහසු කරගැනීමට උපකාරී වන ප්‍රධාන මෙවලම් කිහිපයක් මෙසේ පහත දැක්වේ.

සුහුරු අධ්‍යයන ආධාරක (Smart Study Aids)

විශ්විද්‍යාල සිසුන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයක් වන්නේ අධ්‍යයන කාලය කාර්යක්ෂමව කළමනාකරණය කර ගැනීමයි. එම ගැටලුව සදහා පිළියමක් ලෙස කෘතීම බුද්ධිය ආධාරයෙන් ක්‍රියාත්මක වන ක්විස්ලට්(Quizlet) සහ සොක්‍රටික්(Socratic) වැනි යෙදවුම් භාවිත කල හැකිය.

  • Quizlet: ක්විස්ලට් යනු කෘතීම බුද්ධිය මත පදනම් වූ යෙදවුමක් වන අතර එමඟින් සිසුන්ට ඩිජිටල් ෆ්ලෑෂ් කාඩ්පත් නිර්මාණය කිරීමට සහ විවිධ විෂයයන් පිළිබඳ ප්‍රශ්න සදහා පුහුණු වීමට ඉඩ සලසයි.
  • Socratic: සොක්‍රටික් යෙදවුම මගින් සිසුන්ට ප්‍රශ්නයක හෝ ගැටලුවක ඡායාරූපයක් සැපයීම තුලින් ක්ෂණිකව පැහැදිලි කිරීම් පියවරද සහිතව පිළිතුරු ලබා ගත හැකිය. පියවරෙන් පියවර ගැටළු විසඳීම ඉතා වැදගත් වන ගණිතය සහ විද්‍යාව වැනි විෂයයන් සඳහා එය විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ.

සරලවම මෙම යෙදවුම් භාවිත කිරීමෙන් විශ්වවිද්‍යාල සිසුන් හට ඉගෙනීමේ පසුවක් මිස බාධාවක් ඇති නොවේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ලිවීම සදහා සහය වන මෙවලම් (Writing Assistance)

පර්යේෂණ පත්‍රිකා හෝ වාර්තා ලිවීම විශ්වවිද්‍යාල ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයකි. කෙසේ වෙතත්, බොහෝ සිසුන් ව්‍යාකරණ දෝෂ, ව්‍යුහය සහ ඔවුන්ගේ ලිවීමේ සමස්ත ගුණාත්මක භාවය සමඟ අරගල කරයි. මෙම අවස්ථාවේදී ඔවුන්ට උපකාරක යෙදවුම් ලෙස කෘතීම බුද්ධිය තාක්ෂනය මුසු කර ඇති Grammarly සහ Hemingway Editor භාවිත කල හැකිය.

  • Grammarly: Grammarly යනු ව්‍යාකරණ දෝෂ නිවැරදි කිරීමට, වාක්‍ය ව්‍යුහය, ස්වරය සහ ශෛලිය වැඩිදියුණු කිරීම සදහා භාවිත කරන ජනප්‍රිය කෘතීම බුද්ධිය මත පදනම් වූ යෙදවුමකි.
  • Hemingway Editor: Hemingway Editor මගින්ද වාක්‍යක ගුණාත්මකභාවය ඉහල නංවා ගත හැකිය. මීට අමතරව ChatGPT සහ Bard වැනි යෙදවුම් භාවිතයෙන් සිසුන් හට අවශ්‍ය කරනු පහසුවෙන් සහ කාර්යක්ෂමව සපයා ගත හැකිය.

කාල කළමනාකරණය සහ සංවිධානය වීම (Time Management and Organization)

විශ්ව විද්‍යාල ජීවිතය යනු කාර්යබහුල කාල පරිච්චේදයක් වන අතර කාලය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම ඉතා වැදගත් වේ. AI මෙවලම් මෙම ක්‍රියාවලිය විධිමත් කිරීමට උපකාරී වේ.

  • Google Calendar: Google Calendar යෙදවුම කෘතීම බුද්ධිය භාවිතා කරමින් සිසුන්ට ඔවුන්ගේ කාලය සහ දිනයන් කාර්යක්ෂමව සැලසුම් කිරීමට උපකාරි වේ.
  • කණ්ඩායම් කළමනාකරණය යෙදවුම්: කණ්ඩායම් ව්‍යාපෘති යනු ඕනෑම විශ්වවිද්‍යාල සිසුවකුගේ ජිවිතයේ අනිවාර්‍යය අංගයකි. මෙහිදී කණ්ඩායම් කළමනාකරණය යනු ඔවුන් මුහුණ දෙන ඉතාමත් අසීරු කටයුත්තකි. නමුත් මෙම නව තාක්ෂණයත් සමග Notion, Jira සහ Trello වැනි ව්‍යපෘති කළමනාකරණ යෙදවුම් මගින් මෙම කාර්යය වඩාත් පහසු කර ඇත. මෙම ඉහත සදහන් කල යෙදවුම් තුනේදීම කෘතීම බුද්ධිය භාවිත වන අතර Notion යෙදවුම එතුලින් විශේෂ තැනක් උසුලයි.

භාෂා ඉගෙනුම් සහාය (Language Learning Assistance)

නව භාෂාවක් ඉගෙන ගන්නා සිසුන් සඳහා, Duolingo සහ Babbel වැනි කෘතීම බුද්ධිය භාවිතා වන යෙදවුම් මගින් අභ්‍යාස කිරීමට ආකර්ෂණීය සහ ඵලදායී ක්‍රමයන් සපයයි.

  • Duolingo: Duolingo යෙදවුම ශිෂ්‍යයෙකුගේ ප්‍රගතිය සහ කාර්ය සාධනය මට්ටම මත පදනම්ව පාඩම් සහ අභ්‍යාස සැපයීමට කෘතීම බුද්ධිය භාවිතා කරයි. මෙමගින් සිසුන් හට තමාගේ හැකියා මට්ටමට ගැලපෙන අභ්‍යාසයන් ලැබේ. එමෙන්ම මෙම යෙදවුම විවිධ ක්‍රීඩා සහ ආකර්ශනීය ක්‍රම මගින් සිසුන් හට පහසු ඉගෙනීමේ පරිසරයක් සකස් කර දේ.
  • Babbel: Babbel යෙදවුම මුලික වශයෙන් සකසා ඇත්තේ සංවාදාත්මක ක්‍රම මගින් නව භාෂාවක් පහසුවෙන් ඉගෙන ගැනීමටයි. මෙහිදී මෙම සංවාදාත්ම කටයුතු සදහා ඔවුන් කෘතීම බුද්ධිය යොදා ගෙන ඇත. මෙමගින් සිසුන් සදහා වඩාත් ඵලදායි ඉගෙනුම් රටාවක් නිර්මාණය වී ඇත.

මෙවැනි යෙදවුම් නිසා අලුත් භාෂාවක ප්‍රවීණයකු වීම තව දුරටත් සිසුන් හට සිහිනයක් නොවේ.

කෘතීම බුද්ධියෙන් බලගැන්වුන පර්යේෂණ මෙවලම් (AI-Powered Research Tools)

පර්යේෂණ(Researches) යනු විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ තවත් අත්‍යවශ්‍ය අංගයකි. මෙහිදී Mendeley සහ Zotero යනු පර්යේෂණ මූලාශ්‍ර එකතු කිරීම, සංවිධානය කිරීම සහ උපුටා දැක්වීම සඳහා සිසුන් හට බෙහෙවින් සහාය වන යෙදවුම් දෙකකි. නව කෘතීම බුද්ධියත් සමග මුසු වීමෙන් මෙම යෙදවුම් අද වන විට වඩාත් ගුණාත්මක සේවාවක් සිසුන් හට කාර්යක්ෂමව ලබා දේ.

අධ්‍යයන කණ්ඩායම් (Virtual Study Groups)

විශ්වවිද්‍යාල ජීවිතය තුල යහළුවන් සමග එකට වැඩ කිරීමට සිදු වීම අනිවාර්ය කරුණකි. මෙහිදී කණ්ඩායම අතර පණිවිඩ හුවමාරු මාධ්‍යක වටිනාමක තදින්ම දැනේ. ඒ සදහා පිළියම් ලෙස Slack, Notion සහ Discord යෙදවුම් භාවිත කල හැකිය.

  • Slack: සිසුන්ට සටහන්, සම්පත් සහ අදහස් බෙදා ගත හැකි අධ්‍යයන කණ්ඩායම් නිර්මාණය කිරීමට Slack භාවිතා කළ හැක. මෙහිදී Slack යෙදවුමේ ඇති කෘතීම බුද්ධියෙන් බලගැන්වුන බොට්ස් (AI Bots), කණ්ඩායම අතර සංවාදය, පොදු ගැටළු වලට පිළිතුරු සැපයීම වැනි දෑ සදහා භාවිත කල හැකිය.
  • Notion: එමෙන්ම පෙර කතා කල Notion යෙදවුමද මෙහිදී කණ්ඩායම් කාර්යයන් සංවිධානය කිරීමට සහ ව්‍යාපෘති කාර්යක්ෂමව කළමනාකරණය කිරීමට උපකාරී වේ.
  • Discord: Discord යනු තවත් බහුලව භාවිත වන යෙදවුමකි. මෙහිදී ද කෘතීම බුද්ධියෙන් බලගැන්වුන බොට්ස්(AI Bots) භාවිත කිරීම මගින් සිසුන් හට වැදගත් අවස්ථා මතක් කිරීම, ප්‍රශ්නාවලි නිර්මාණය කිරීම සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් කළමනාකරණය වැනි දේ වඩාත් පහසුවෙන් ඉටු කර ගත හැකිය.

කෘතීම බුද්ධිය යනු තවදුරටත් විද්‍යා ප්‍රබන්ධවලට පමණක් සීමා වූ අනාගත සංකල්පයක් නොවේ. වර්තමානයේ විශ්වවිද්‍යල සිසුන්ගේ ජීවිත වලට මහත් සහයක් ඉහත විස්තර කල යෙදවුම් මගින් ලැබී ඇත. එමගින් සිසුන්ගේ කාල කළමනාකරණය සහ ඉගෙනීමේ ක්‍රියාවලිය වඩාත් ඉහල ස්ථානයකට ඔසවා තබා තිබේ. මෙම යෙදවුම් භාවිතයෙන් සිසුන්ගේ ඉගෙනීම කියාවලිය වඩාත් වේගවත් වී තිබේ. එමගින් ඔවුන් හට නව නිර්මාණ පිලිබදව සිතීමට වැඩිපුර කාලයක් යොමු කල හැකි බැවින් මෙම නව තාක්ෂණයේ භාවිතය තවත් නව අදහස් සිය ගණනක් උත්පාදනයට මග පාදයි.

කතෘ: රියාජි දෙවිඳු
සමාලෝචනය: දිනුක් පතිරාජ, සහස්වරී සේනානායක, චමෝදය කොඩිකාර
Tags: නවතම
Share69Tweet43
Previous Post

IMF නව රජය සමග එක්ව කටයුතු කිරීමට සූදානම්….

Next Post

ජනපති අනුරට යුරෝපා සංගමයේ සුබ පැතුම්!

Related Posts

විද්‍යා හා තාක්ෂණ

NASA ආයතනයෙන් සඳ මත මිනිස් ජනාවාසයක් හැදීමේ ඓතිහාසික මාර්ග සිතියම එළිදක්වයි: 2026 දී විශේෂ කාර්ගෝ මෙහෙයුම් 3ක් සඳේ දක්ෂිණ ධ්‍රැවයට!

මැයි 27, 2026
විද්‍යා හා තාක්ෂණ

චීනයේ සෙරෙස් (Seres) සමාගමෙන් මෝටර් රථ තුළටම වැසිකිළි පහසුකමක්!…

අප්‍රේල් 18, 2026
Gen-Z-Vs-Gen-Y
විද්‍යා හා තාක්ෂණ

මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට මිනිස්  බුද්ධිය හැකිලෙයි!  තාක්ෂණය අපව ගෙනයන්නේ කොතැනට ද?… අමෙරිකානු පර්යේෂණයකින් හෙළි කරන බිහිසුනු කතාවක්…

පෙබරවාරි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.