ජනාධිපති අනුර කුමාර දිසානාය හෙට සවස 7.30ට ජාතිය ඇමතීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ රටේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක පත් වන්නේ මේ රටේ පැවති දේශපාලන සංස්කෘතිය තීරණාත්මක ලෙස පෙරළියකට ලක් කරමිනි.
එම දේශපාලන පෙරළිය කලාපීය රටවල තීරණාත්මක මාතෘකාවක් බවට පත් වන්නේ රට අරාජික කළ මහජන නැගිටීමකින් අනතුරුව ගොඩනැගුන අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ පාලනය තුළත් බිඳවැටුන ජන ජීවිතය පීඩාවට පත් වීම සහ දූෂණය, වංචාව රාජ්‍ය බලය සහිතව එළි දකිමින් තිබිය දී දූෂණ විරෝධී දේශපාලන නායකයෙක් ලෙස අනුර කුමාර දිසානායක බලය අත්පත් කර ගැනීම හේතුවෙනි.
එමෙන්ම මේ බලය හුවමාරු වන්නේ 2020 මහ මැතිවරණයේ දී රටේ සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 3ක් පමණක් අත් කරගත් දේශපාලන ව්‍යාපාරයක් වෙත වීමද ලංකාවේ මතු නොව ලෝක දේශපාලන ඉතිහාසයේ වැදගත් ලකුණක් සනිටුහන් කර ඇත.







