එළඹෙන පාපන්දු නිලවරණය සඳහා හිටපු සභාපති ජස්වර් උමාර් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වන ශ්‍රී රංගා සභාපති ධූරය සඳහා නාම යෝජනා ලබා දී ඇත.
ජස්වර් පාර්ශ්වයෙන් තවත් 11 දෙනකුම සභාපති ධූරය සඳහා නාම යෝජනා ලබා දී තිබීම විශේෂත්වයකි.
ක්‍රීඩා ඇමතිවරයා විසින් නොබෝදා ගැසට් පත්‍රයක් මගින් නිකුත් කරන ලද නව රෙගුලාසි වලට පටහැනිව ඇතැම් අය නාම යෝජනා ලබාදී ඇති බවද වාර්තා වේ.
මෙම නාම යෝජනා සඳහා නිලවරණ කමිටුව වෙත අදම විරෝධතා ගොනු කර ඇත.







