චීනය විසින් ජාත්‍යන්තර නීතින් උල්ලංඝණය කරමින් උයිගර් මුස්ලිම් ප්‍රජාව රඳවාගෙන සිටින කඳවුරු පවත්වාගෙන යාමට වහාම නීතිය ක්රිායත්මක කරන ලෙසට ලොව පුරා හඬ අවදිවීමක් වාර්තාවේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වූ මීෂෙල් බැචලෙට් මහත්මිය සිය ධුර කාලය අවසන් කරමින් කළ අවසනා කාර්ය වූ චීනය එරට තුල උයිගර් මුස්ලිම් ජනයාට සිදුකරන අමානුෂික වදදීම් සම්බන්ධයෙන් වාර්තාව නිකුත් කිරීමත් සමග මෙම තත්ත්වය නිර්මානය වී ඇත.
ජගත් මානව හිමිකම් කවුන්සිලය විසින් නිකුත් කළ මෙම වාර්තාව මගින් චීනය විසින් එරට සුළු ජාතීන් විශේෂයෙන්ම උයිගර් ප්‍රජාවට සිදුකරන අඩත්තේට්ටම් අනාවරණය විය. මීට පෙර ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයන් විසින් දිගින් දිගටම චිනය සිදුකනර මෙම මානව හිමකම් කඩකිරීම් සම්බන්ධයෙන් වාර්තා කළත් ඊට නිසි අවදානයම් යොමු වීම අවම විය.
එවන් පසුබිමක් තුල ජගත් මානව හිමිකම් කවුන්සිලය විසින් චීන ක්‍රියා කළාපය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවෙන් ජාත්‍යන්තර ප්‍රජාවට සත්‍ය තත්ත්වය අවබෝධ කරගැනීමට හැකියාව හිමිවූ බව චීනයෙන් පළාගිය උයිගර් වැසියන් පවසයි.
කෙසේ වෙතත් ජගත් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය මෙම වාර්තාව වසර පහක පමණ කාලයක් ප්‍රකාශයට පත්කිරීමට ප්‍රමාද කළ අතර එ් සම්බන්ධයෙන් මානව හිමිකම් ක්‍රිකාරීන් සිය දැඩි අප්රසාදයද පළකර තිබිණි.
මෙම වාර්තාව සම්බන්ධයෙන් ලොවපුරා සිටින උයිගර් ප්‍රජාව සිය සතුට පළකරන අතරම එම වාර්තාවේ සඳහන්ව ඇති කරුණු පදනම් කරගෙන වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ඉල්ලා සිටියි.







