බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනයට ඕනෑ විදිහට පොහොර ප්‍රමිතිය වෙනස් කළ ලියවිල්ල න්‍යාය පත්‍රයට පිටින් අද  කැබිනට් අනුමැතියට?

by editor
ජනවාරි 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

චීන පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන්  සකස් කර පසුගිය 23 දා  අනුමැතිය සඳහා ක්වින්ඩාවේ සී වින් බයෝටෙක් සමාගමට යැවූ ලිපියේ චීන සංස්කරණය සහිත ලිපි ගොනුව අද කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසුවත් එය කැබිනට් රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් නොකර හදිසි ලියැවිල්ලක් ලෙස කැබිනට් රැස්වීම අතරේ ඉදිරිපත් වීමට ඉඩ ඇතැයි සැකයක් මතුවන බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි දරවු කරයි.

මෙම ලිපිගොනුව කැබිනට්  අනුමැතිය සඳහා අධිකරණ අමාත්‍යාංශයේ හෝ කෘෂිකර්ම අමාත්‍යාංශයේ යෝජනාවක් ලෙස ඉදිරිපත් වීමට නියමිතව තිබුණු බව ඉකුත් සිකුරාදා වාර්තා විය.

එහෙත් එම ලිපි ගොනුවට අදාල ලියැවිලි ඊයේ පෙරවරුව වනවිටත් සම්පාදනය වෙමින් පැවති බවත්,  සිකුරාදා සකස් කරන කැබිනට් රැස්වීමේ න්‍යාය පත්‍රයට එය ඇතුළත් කර නැති බවත් ආරංචි මාර්ග හෙළි කරයි.

එසේ නමුත් කැබිනට් සම්ප්‍රදාය අනුව කැබිනට් මණ්ඩලයේ න්‍යාය පත්‍රයට ඇතුළත් වී නැති ලේඛන 03ක් කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත්  කිරීමට හැකියාව තිබේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ඒ අවසරයෙන්  මෙම ලිපිගොනුව කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් වීමේ සූදානමක් ඇතිදැයි තතු දත් ආරංචි මාර්ග සැක පහළ කරයි.

මෙම කැබිනට් පත්‍රිකාවෙන් වර්ෂ 2013 දී මෙරට සම්මත කරන ලද ඝණ කාබනික ද්‍රව්‍ය රට තුළට ගැනීමේ ප්‍රමිතිය වූ 1704  ඉවත් කිරීමට චීන බලපෑම මත නිර්දේශ වී තිබේ.

රටේ ශාක සත්ත්ව ප්‍රජාවත් පාංශු වයනය සහිත සමස්ථ පරිසර පද්ධතියත් පිට රටකින් පැමිණෙන අතිශය අහිතකර ක්ෂුද්‍රජීවී උවදුරු වලින් බේරා ගැනීමේ පුරෝගාමී  රැකවරණය සැපයූ මෙම ප්‍රමිතිය වෙනස් වීම සමස්ථ ජාතියම පුනරුත්ථාපනය කළ නොහැකි ව්‍යසනයකට ඇද දමන බව ක්ෂේත්‍රයේ වෘත්තිකයෝ යළි යළිත් පෙන්වා දෙමින් සිටියහ.

චීන පොහොර  තොගය ව්‍යාධි ජනක බැක්ටීරියා  හේතුවෙන් ප්‍රතික්ෂේප වන්නේත් මේ ප්‍රමිතිය හේතුවෙනි. එමෙන්ම මෙම ප්‍රමිතිය වෙනස් කරනු ලැබුවහොත් දැනට චීන පොහොර තොගය සඳහා පවරා ඇති නඩුවට නඩු නිමිත්තක් ද නැත.

එමෙන්ම  මේ ලියැවිල්ල සඳහා කැබිනට් අනුමැති ලැබුණහොත් ඩොලර් හකෝටි හැත්තෑ ලක්ෂයක වන්දියක් ගෙවා යළිත් මෙම පොහොර තොගයම රට තුළට ගැනීමට සිදුවන බව මේ පිළිබඳව අප කළ විමසීමක දී කෘෂිකර්ම දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මිනුවන්ගොඩ පෙරපාසල් ගුරුවරියකට කොවිඩ් ඔමික්‍රෝන්…  ආසාදනය වූ ආකාරය ගැන හොයාගන්න බෑ…

Next Post

ජනපතිගෙන් කළ ඉල්ලීම් ඉටු නොවූ නිසා සජිත් රංජන් වෙනුවෙන් අලුත් අරගලයක

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

Comments 1

  1. අ .ගුනවර්දන says:
    වසර 4ක් ago

    රටට ආදරයක් නැති, මිනිස් කැක්කුමක් නැති , තිරිසන්ට වඩා ඉහලින් ගිය , මුදල් කැදර කමට සිමාවක් නැති ආණ්ඩු වක් තව තවත් ධර්මය විකුනා රට විනාශ කර ඇති සුනඛ රැළකට ලංකාව හිර වි ඇත.

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.