අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය යළිත් ශ්‍රී ලංකාවට එරෙහිව බැටන් පොල්ල ගනීද?

by Lanka Sara Editor
පෙබරවාරි 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

චීනයේ ලෝක නියෝජනය සහ ලෝක ව්‍යාප්තිය රහසක් නොවේ. එය මුහුණුවර කිහිපයකින් ක්‍රියාත්මක වන එකකි . එහෙත් ඔවුන් සතු අරමුණ පොදු එකකි. ඒ ආර්ථික ව්‍යාප්තිය සහ බල ව්‍යාප්තියයි. ඔවුන් විසින් ක්‍රියාත්මක කරන එක මාවතක් එක තීරුවක් වන සංකල්පයේ සැබෑ අරුත ඔවුන්ගේ මෙම ද්වී බල ව්‍යාප්තියයි. දකුණු ආසියාව තුළ චීන ක්‍රියාකාරීත්වයේ තීරණාත්මක කේන්ද්‍රයක් ව ඇත්තේ ශ්‍රී ලංකාවයි. ඒ අනෙකක් නිසා නොව, ශ්‍රි ලංකාවේ භූ ගෝලීය පිහිටීමය. මේ නිසා දකුණු ආසියාව තුළ ඔවුන් තම ‘එක මාවතක් එක තීරයක්’ සංකල්පය තුළින් වැඩියෙන්ම සමීප වන්නට උත්සාහ කළේ ශ්‍රී ලංකාවට ය. අද වනවිට පාකිස්ථානය තුළත් මාලදිවයින සහ දැන් ඇෆ්ගනිස්තානය තුළත් බරපතළ ලෙසින් සිය ව්‍යාප්තිය ප්‍රදර්ශනය කර ඇත. ඒ තුළ පවතින අධිපතිවාදීත්වය අඩු වැඩි වශයෙන් ඔවුන් ප්‍රදර්ශනය කළද ශ්‍රී  ලංකාව වෙනුවෙන් ඔවුන් දක්වා ඇති කැපකිරීම් මත ඔවුන් අධිපතිවාදයේ බැටන් පොලුවලින් පහර දෙන්නට පටන් ගත්තේ 2017 වසරේදී ය. ඒ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ණයක් වෙනුවෙන් හම්බන්තොට වරාය 99 අවුරුද බද්දකට ලියා ගැනීමය. මෙය රාජ්‍යතාන්ත්‍රිකයන් විග්‍රහ කරන්නේ බලහත්කාරී අත්පත් කර ගැනීමක් ලෙස ය. ඩිප්ලොමැට් වෙබ් අඩවියට ලිපියක් ලියන රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳව ලේඛිකාවක වන සුදා රාමචන්ද්‍රන් පවසන්නේ ඊට පසුව පත් වූ රජය මේ ගනුදෙනුව යළි ආපසු හැරවීමට උත්සාහ කළද චීන දැඩි බලපෑම තුළ එය සිදු කර ගැනීම හිතලුවක් පමණක් බවට පත්වූ බවය.

ඒ චීනයේ පළමු තීරණාත්මක බලහත්කාරී ක්‍රියාව ය. එයින් පසුව චීනය ඉතා සූක්ෂම රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයමුක් සමඟ ශ්‍රී ලංකාවේ සියලු අංශ සමඟ යම් යම් සමීපත්වයට එන්නට පටන් ගත්තේය. මේ වනවිට චීන සිල්ලර කඩ පවා අපේ රටේ ඇතැම් හන්දිවල, නගරවල දැකිය හැකි තරමටත් ඇතැම් නාම පුවරු, ආහාර ලේබලවල චීන අකුරු මුද්‍රණය කරන්නට සිදුවන තරමටත් සැලකිය යුතු ව්‍යාප්තියක් විය. එහෙත් ඒ තුළ සංස්කෘතිමය බලහත්කාරී ස්වභාවයක් ආරෝපණය වුවද යළි ආර්ථික සහ සමාජයීය මට්ටමින් ශ්‍රී ලංකාවට බලපෑම් කරන්නට ආවේ පසුගිය කාලයේ රටේ අදූරදර්හී කාබනික කෘෂි වැඩපිළවෙළ හේතුවෙන් රට අන්දමන්ද වූ අවස්ථාවේ චීනයෙන් ගෙන්වන ලද ව්‍යාධිජනක අඩංගු කාබනික පොහොර ටොන් 22,000 ක අසන්න ප්‍රමාණයයි. එම අවස්ථාවේ ඇති වූ විවාදාපන්න තත්ත්වයයි. මෙම පොහොර තොගය ගෙන්වීමේදී එහි ආනයනකරුවන් වූ රජයට අයත් පොහොර සමාගමක් කිසිදු වග විභාගයකින් තොරව කටයුතු කර තිබුණද මෙම පොහොර තොගයට අනයන බලපත්‍රයක්වත් නොමැති තත්ත්වයක් තුළ බලහත්කාරී ස්වරූපයෙන් එම පොහොර තොගය සහිත නැව ශ්‍රී ලංකාව ආසන්නයට ගෙන ආවේ සිය රාජ්‍ය තාන්ත්‍රික ශක්තිය උපයෝගී කරගෙන නැව රට තුළට ගෙන පොහොර තොගය ගොඩබාන්නට ය. එහෙත් ඒ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් අවහිර වූයේ පැළෑටි නිරෝධායන සේවය ඇතුළු කෘෂි ක්ෂේත්‍රයේ නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන්ගේ කශේරුකා, දේශපාලකයන්ගේ නිවටකම් සහ චීන බලහත්කාරකම් හමුවේ නොනැමුණු නිසාවෙනි. එහෙත් මාස දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාව තුළ කරක් ගැසූ පොහොර නැවට ආපසු චීනයේ ක්වින්ඩාවෝ වරාය වෙත සේන්දුවන්නට අවසානයේ සිදුවිය. එහෙත් මේ නැව මාස දෙකක් ශ්‍රී ලංකාව වටේ කරකැවෙන මොහොතේ සිට අද වන තෙක් මේ නැව සම්බන්ධයෙන් චීන රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම මෙන්ම චීන පොහොර සමාගමේ බලපෑම්වලින් නිමක් නැත. චීනය මෙම පොහොර නැවට අදාළ ගෙවීම් නිකුත් කිරීම නවත්වන්නට මහජන බැංකුවට සිදුවූයේ අධිකරණ වාරණ නියෝගයක් නිසාය. එසේවුවද මේ වාරණ නියෝගය නොසළකමින් එනම් රටේ නීතිය ගැන නොතකමින් චීන පොහොර සමාගමට මුදල් නොගෙව්වේය යන චෝදනාව මත එම බැංකුව අසාදු ලේඛන ගත කිරීමකට ලක් කිරීමට තරම් සැහැසි විය. එයින් පසුව සිංගප්පූරුවේ බේරුම්කරණ ආයතනයක් හරහා ඩොලර්මිලියන 6.7ක වන්දියක් ඉල්ලුවේය. එන්නත් හරහා කොවිඩ්වලින් මිරිකී සිටින ජාතියකට සිය එන්නත් රාජ්‍ය තන්ත්‍රය (Vaccine Diplomacy) හරහා සහන දෙන්නට ක්‍රියා කළ චීනය විදේශ විනිමය අර්බුදය හේතුවෙන් දැඩි පීඩනයක සිටින ශ්‍රී ලංකාවට මෙම ගනුදෙනුව තුළ කිසිදු සධාරණයක් සහනයක් දෙන්නට කටයුතු කළේ නැත. අවසානයේ ශ්‍රි ලංකාවට සියලු ප්‍රශ්න මැද ඩොලර් මිලියන 6.7ක් ගෙවන්නට සිදුවිය. එය ඔවුන්ගේ දෙවන බලහත්කාරකමයි.

මේ පොහොර නැව් ගනුදෙනුව තවමත් අවසානයක් කරා ඇවිත් නැත. ඒ නැවේ ගඳ මෙරටින් යන්නටත් මත්තෙන් තවත් චීන සමාගමක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය තන්ත්‍රෙය් ඉහළම තැනට යම් අනතුරු ඇඟවීමක් කරයි. ඒ, එම සමාගමට මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන – ගලගෙදර කොටස ඉදි කිරීම සඳහා තොරා නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමිනි. මේ චෝදනාව කරන්නේ ශ්‍රී ලංකාව තුළ කටුනායක අධිවේගී මාර්ගය පිටත වටරවුම් අධිවේගී මාර්ගය ඇතුළු මාර්ග ව්‍යාපෘතිවල ප්‍රධාන ක්‍රියාකරුවකු ලෙසින් කටයුතු කළ එම්සීසී නම් සමාගමයි. මෙම සමාගමේම අනුබද්ධ සමාගමක් ඉහත මාර්ග කොටස වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ලංසුව නොසලකා ඊට වැඩි ලංසුවක් දැමූ දේශීය කොන්ත්‍රාත්කාර සමාගමකට එය ලබා දීම ඔවුන් දකින්නේ තම සමාගම ඩොලර් මිලියන 235කට තැබූ ලංසුව නොසලකා ඩොලර් මිලියන 374ක් ලංසු තැබූ දේශීය සමාගමක් වෙත ලබා දීම සම්බන්ධයෙනි. ඔවුන් මේ පිළිබඳව ජනාධිපතිවරයාට ලිපියක් යවා තිබේ. එහෙත් මහමාර්ග අමාත්‍යංශය කියන්නේ මූල්‍ය ලංසුව ගැන සැලකීමකට කලින් මෙම සමාගම සම්බන්ධ සෙසු පිරිවිතරයන් ද සලකා බැලිය යුතු බවය. හේතුව මත ලංසුව තබන්නේ ජනාධිපතිට ලිපිය ලියන එම්සීසී සමාගම නොව ඊට අනුබද්ධ සමාගමක් වීමය. එහෙත් මේ අඳෝනාව තුළ චීන සමාගම ජනාධිතිවරයාගේ ප්‍රතිපත්තිමය ගමන් මඟ පිළිබඳවද සරදම් සහගත සටහනක් මේ ලිපිය තුළ තබා ඇති බව සඳහන් වෙයි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම වැඩි පිළිවෙළ අනුව ක්‍රියාත්මක වන වැඩකටයුතුවලදී මේ ආකාරයෙන් ඉතා ඉහළ මිල අධික ව්‍යාපෘති සිදු කිරීමෙන් වන පාඩුව පිළිබඳව ශ්‍රි ලංකාවේ ජනතාව ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරනු ඇතිය යනුවෙනි.

මේ ලිපිය චීනයෙන් මේ ගනුදෙනුව පිළිබඳව එන පළමු ලිපියයි. එය තුළ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තියටද යම් අභියෝගයකට ලක් කර ඇත. ඊළඟ ලිපිය ඔසවාගෙන ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා හමුවට එනු ඇත්තේ චීන තානාපතිවරයා ය. ඒ තුළ චීනය මෙතෙක් ප්‍රකාශ කරන ලද රාජ්‍ය තාන්ත්‍රික බැටන් පොල්ල ද ඔහු දිගු කිරීමට ඉඩ ඇත. එවිට අපට සිදුවන්නේ කොණ්ඩේ බැඳපු චීන්නුන් සේ සිටින්නට ය. මේ වනවිටත් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ ඛේදනීය ඉරණමට පත්ව ඇති බව පෙනේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ සියල්ල අභියොග්තාමක ය. අද චීනය මේ ආකාරයෙන් සිය ගමන්මඟ තුළ මේවැනි අර්බුද නිර්මාණය කරගන්නා ආකාරයක් අපට පෙනේ. ලිතුවේනියාව එවැනි රක් රටකි. එහෙත් ශ්‍රී ලංකාවට මෙවැනි බලහත්කාරකම් හමුවේ අඩි පොලොවේ ගසා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව මේ මොහොතේ නැත. එහෙත් තරම දැන ක්‍රමෝපායිකව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත.

සබැඳි පුවත්
ජනපතිගේ සෞභාග්‍යයේ දැක්මට චීන්නු අනතුරු අඟවති!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහ රැජිනට කොරෝනා

Next Post

කච්චතිව් මංගල්‍යය ඉන්දියානු බැතිමතුන්ටත් විවෘත වෙයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.