චීනය විසින් ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ නීති නැවත ලිවීමට උත්සහ කරමින් සිටින බවත් එමගින් ජාත්‍යණ්තර ආරක්ෂාවට විශාල බලපෑමක් එල්ල වන බවත් බ්‍රිතාන්‍යයේ සයිබර් ඔත්තු ඒජන්සියේ ප්‍රධානියා පසුගියදා චෝදනා කළේය.
ඒ අනුව බීජිනය පලානය විසින් තම ආර්ථික හා තාක්ෂණික බලය තම රට තුළ දැඩි නීති රීති පනවමින් ජනතාව පීඩාවට පත් කිරීම මෙන්ම විදේශයන්හි ආර්ථික තත්ත්වයන්ද පාලනය කිරීමට භාවිතා කරන බවද හෙතෙම පැවසයී.
බ්‍රිතාන්‍යයේ සයිබර් ඔත්තු ඒජන්සියේ ප්‍රධානී ජෙරමි ෆ්ලෙමින් මේ බව පැවසුවේ ඉකුත්දා රෝයල් යුනයිටඩ් සර්විසස් ඉන්ස්ටිටියුට් හී පැවැත්වූ දුර්ලභ මහජන දේශණයකදීය.
මේවන විට යුරෝපා කළාපයම රුසියා යුක්රේන යුද ගැටුම සම්බන්ධයෙන් දැඩි අවධනයක් යොමුකර තිබෙන පසු බිමක වුවද චීනයෙන් එල්ල වන බලපෑම් ගැන අවධානය යොමු කළයුතු බවද ෆ්ලෙමින් පෙන්වා දුන්නේය.
සිය දේශනයේදී ෆ්ලෙමින් චෝදනා කලේ, බීජිංහි කොමියුනිස්ට් බලධාරීන්ට “ලෝකයේ තාක්ෂණික පරිසර පද්ධති හැඩගැස්වීමෙන් උපායමාර්ගික වාසි ලබා ගැනීමට” අවශ්‍ය බවයි.
“තාක්ෂණය සම්බන්ධයෙන් ගත් කල, චීන රාජ්‍යක් ලෙස දේශපාලනික වශයෙන් අභිප්‍රේරණය වී කරණු ලබන ක්‍රියා අප විසින් හඳුනාගත යුතු අතරම ඒවා ආමන්ත්‍රණය කළ යුතු වඩ වඩාත් හදිසි ගැටලුවකි,” යනුවෙන්ද ෆ්ලෙමින් පැවසීය.
“ඒ එය ජාතික ආරක්ෂාව පිළිබඳ නිර්වචනය වඩා පුළුල් සංකල්පයක් බවට වෙනස් කිරීම නිසාය. තාක්ෂණය හුදෙක් අවස්ථාව සඳහා, තරඟය සඳහා සහ සහයෝගීතාවය සඳහා වූ ක්ෂේත්රයක් පමණක් නොව, එය පාලනය සඳහා, සාරධර්ම සඳහා සහ බලපෑම සඳහා සටන් බිමක් බවට පත්ව ඇත.” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.







