එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවති තරගයේදී ආබාධයට ලක් වූ ශ්‍රී ලංකා සුපරි වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබේ.
එම තරගයෙන් දැවැන්ත ජයග්‍රහණයක් අත්කරගැනීම සඳහා මග පාදා ලකුණු 15කට කඩුළු 03ක් දවාගත් දුෂ්මන් චමීර ආබාධයට ලක්වූයේ එම තරගයේ ඔහු යැවූ අවසන් පන්දුවාරයේ දී ය.
දුෂ්මන්ත චමීරගේ ආබාධය වඩාත් බරපතල වන බවත් එය ඔහුගේ තරඟාවලියට සහභාගී වීමට තර්ජනයක් විය හැකි බවත් ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා තිබිණි.
ඔහු සම්බන්ධව සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා අද (19)හිරු පුවත් සේවයට පවසා ඇත්තේ දුෂ්මන්ත චමීරගේ වළලුකර ආශ්රිත ව ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහු කණ්ඩායමෙන් ඉවත්වනු ඇති බවය.
ශ්‍රී ලංකාවේ වේගපන්දු බලාපොරොත්තුවක් වූ යොවුන් ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංක පසුගිය 15 වැනිදා නැමීබියාව සමග පැවති තරගයට පෙර පුහුණුවීම්වල දී ආබාධයකට ලක්වීය.
ඔහු වෙනුවට බිනුර ප්‍රනාන්දු කණ්ඩායමට කැඳෙව්වේය. දුෂ්මන්ත චමීර වෙනුවට දැන් කසුන් රාජිත කණ්ඩායමට කැඳවා තිබේ. ඔවුන් දෙපළ බ්‍රහස්පතින්දා නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරග වදිනු ඇත.