චීන සමාජ මාධ්‍ය ඔස්සෙ රුසියාව යුක්රේන ආක්‍රමණය කිරීම සාධාරණීකරණය කිරීම ආරම්භ කර ඇති බවට වාර්තා වේ.
මෙහිදී චීන රජයට අයත් මාධ්‍ය ආයතනයක් සිය වෙයිබෝ සමාජ මාධ්‍ය ගිණුමේ චීන රජය විසින් යුක්රේන අර්බුද වාර්තා කිරීම පිළිබද එවූ උපදෙස් මාලාව අත්වැරදීමකින් පළකර තිබූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව අදාල උපදෙස් මාලාවට අනුව කිසිම අයුරකින් රුසියාවට අවාසි සහගත වන අයුරින් තොරතුරු පළ කිරීම නොකරන ලෙසද චීන රජය උපදෙස් දී තිබේ.
මෙම තත්ත්වයත් සමඟ චීන රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම සාධාරණීකරණය කිරීම ඔස්සෙ තායිවානය ආක්‍රමණය කිරීමට පියවර ගැනීමේ පසුබිම සකස් කිරීමක් ලෙසද සඳහන් කළ හැකිය.







