දීර්ඝ කාලයක පටන් ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇතිකර ගැනීමට උත්සහ කරන නිදහස් වෙළෙඳ ගිවිසුම පවතින ආර්ථික අර්බුදය සහ චීනය වෙළෙඳ පොල සාධක මත තවදුරටත් කළ යෑමේ ප්‍රවාණතාවයක් නිර්මාණය වී තිබේ.
ඒ අනුව චීනය විසින් දිගින් දිගමට බලපෑම් එල්ල කළද ශ්‍රී ලංකාව තවමත් චීන ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට මැලිකමක් දක්වමින් සිටියි. මෙහිදී මෙම වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් මූලික සාකච්ඡා 2015 වර්ෂයේදී ආරම්භ වුවද තමත් එය නිසි ලෙස ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වී තිබේ.
මෙහිදී ශ්‍රී ලංකාව සහ චීනය අතර යම් අර්බුදකාරී තත්ත්වයක්ද නිර්මාණය වී ඇති අයුරු පෙනී යයි. ඊට කදිම උදාහරණයක් ලෙස පසුගියදා විදේශ අමාත්‍ය අලි සබ්‍රී සහ චින විදේශ අමාත්‍ය වැන්ග යී විසින් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල රැස්වීම එක් වූ අවස්ථාවේදී විශේෂ සාකච්ඡා වටයක් පැවතිනි.
මෙම රැස්වීම සම්බන්ධයේ මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කර සිටියේ දේපාර්ශවය විසින් නිදහස් වෙළෙඳ ගිවිසුම වේගවත් කිරීමට එකඟතාවයට පත්වූ බවත් එමගින් දෙරටේම ආර්ථික සහ වෙළෙඳ සහයෝගීතාව වාර්ධණය කිරීමට හැකියාවද ලැබෙනු ඇති බවයි.
කෙසේ වෙතත්, අමාත්‍ය සබ්‍රී විසින් මෙම හමුව සම්බන්ධනේ ට්විටර් පණිවුඩයක් නිකුත් කළ නමුත් නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡාව පිළිබඳ කිසිදු සටහනක් නොතිබිණි.
මෙම නිදිහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් චීනය දැඩි උනන්දුවක් එය පිළිබඳ මූලික සාකච්ඡා පැවති කාලයේ පටන් පෙන්නුම් කරනු ලැබීය.
මේ අතර චීනයට මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කළ සැනින්ම අතර සිදුකෙරෙන වෙළෙඳාම කරන භාණ්ඩ විලින් සියයට 90කට තීරු බඳු රහිත ක්‍රමේවදයක් අනුගමනය කළයුතු බවට ප්‍රකාශ කර තිබිණි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඒ වෙනුවට යෝජනා කර ඇත්තේ, දෙරට අතර සිදුකර නිෂ්පාදන වලින් අඩකට පමණක් ශුන්‍ය තීරුබදු ක්‍රමයකි, පසුව වසර 20ක් පුරා ක්‍රමනුකූළව මෙම තීරුදු රහිත භාණ්ඩ කණ්ඩ වර්ධනය කරන ක්‍රමේවේදයකි. ශ්‍රී ලංකාව යෝජනා කළ ක්‍රමවේදයක ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ස්භාවය අනුව ඉතා සාධාරණ ක්‍රවේදයකි.
මේ අතර ශ්‍රී ලංකාව පසුගිය කාලයේදී මුහුණ පෑ දරුණු ආර්ථික අර්බුදයට සහය දෙන ලෙස චීනයෙන් කළ ඉල්ලීම ඉවත දැමීමත් සමඟම චීනය සහ ශ්‍රී ලංකාව අතර පැවති සම්බන්ධතා යම් ආකාරයකින් පළුදු විය. මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාව මුහුණ දී තිබූ අර්බුදයට සහය වීමට ඉන්දියාව ඉදිරිපත් වූ අතර පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමටද ශ්‍රී ලංකාව යොමු විය.
ඒ අනුව මේවන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දරුණු ආර්ථික තත්ත්වය හමුවේ මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවට බලාපොරත්තුවීය නොහැකිය.







