බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මැයි 19 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
2016 දී ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ සිදු වූ දූෂණ සම්බන්ධ වෙන වෙනම ගොනු කළ නඩු 3 ක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මාර්තු 27 වන දින අත්අඩංගුවට ගන්නා ලදී.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට අනුව චාමර සම්පත් පළාතේ පෙර පාසල් දරුවන් සඳහා බෑග් ලබා දීමට අදහස් කරන බව පවසමින් රාජ්‍ය බැංකු 3 කින් අරමුදල් ඉල්ලා ඇත.
බැංකු දෙකක් එකඟ වී ඔහුට රුපියල් මිලියන 1 ක් සහ රුපියල් මිලියන 2.5 ක් ලබා දුන් අතර පසුව ඒවා ඔහුගේ පුද්ගලික පදනමවන චාමර සම්පත් දසනායක පදනමේ ගිණුමට මාරු කර තිබිණි. මේ වනවිට ඒ සම්බන්ධව විමර්ශන සිදුවෙමින් තිබේ.







