මනම්පිටිය නිමල් ජයරත්න –
ඝාතනයට ලක් වූ පොලොන්නරුව ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යායේ පරිපාලන නිලධාරිණිය වූ යමුනා පද්මිණීගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ඇගේ සැමියා මෙම 08 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට පොලොන්නරුව මහේස්ත‍්‍රාත් සකිත ක‍්‍රිෂාන් වික‍්‍රමරත්න අද නියෝග කළේය.
මෙසේ රිමාන්ඞ් බාරයට පත්කරන ලංකාපුර අධ්‍යාපන කොට්ඨාසයේ රජයේ පාසලක මුරකරුවකු ලෙස සේවය කළ හේරත් මුදියන්සේලාගේ කපිල සෙනරත් බණ්ඩාර නැමැති පුද්ගලයාය.
ඉකුත් 4 වැනි දා සැමියා සහ සිය දරුවන් දෙදෙනාද සමඟ සිය නිවෙසේ උඩුමහලේ නිදා සිටියදී තියුණු ආයුධයකින් හිසට පහරදී ඇයව ඝාතනය කර තිබිණ බව හෙළි වි ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වූයේය.
දරුවන් දෙදෙනා පරිවාස භාරයට පත් කිරීම සඳහාද කරුණු දැක්වීමට නියමිතව ඇත. .









