අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඝාතනය වුණ දිනේෂ් ෂාෆ්ටර් බැඳුම්කර වංචාව සම්බන්ධ ප්‍රබල සාක්ෂිකරුවෙක් වූ හැටි!

by editor
දෙසැම්බර් 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඝාතනයට ලක් වූ දිනේෂ් ෂාෆ්ටර් බැදුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ  ප්‍රබල සාක්ෂිකරුවෙකු බව හෙළිදරව් වී තිබේ.

2015 පෙබරවාරි 27 වැනි දින භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියට පෙර රජයට අසාමාන්‍ය අරමුදල් අවශ්‍යතාවයක් හෝ මිල සංවේදී තොරතුරක් පිළිබඳව තමාට වාර්තා නොවුණු බව ඔහු පවසා තිබිණි.

තමා දන්නා පරිදි රජයේ මුදල් අවශ්‍යතාවය එම වෙන්දේසියට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රචාරය කරන ලද මුදල බව ඔහු ප්‍රකාශ කර තිබූ අතර බැඳුම්කර වෙන්දේසියේදී සිදුවූ අසාමාන්‍ය සිදුවීම් දෙකක් පිළිබඳව තමා දැනුවත් වූ බව ෂාෆ්ටර් සිය ප්‍රකාශයේ දැක්වූයේය.

එකක් නම් මෙම වෙන්දේසියේදී පිළිගත් ලංසු ප්‍රමාණය ඉදිරිපත් කළ මුදලට වඩා 10 ගුණයකින් වැඩි වීමය. අනෙක පොලී අනුපාතිකයේ අගය එකල වෙළඳපොලේ පැවති ප්‍රමාණයට වඩා   300කින් ඉහල ගොස් තිබීමයි.

දිනේෂ් ෂාෆ්ටර්ගේ වැඩිදුර සාක්ෂි අනුව ඔහුගේ ප්‍රාථමික අලෙවි නියෝජිත සමාගම වෙන්දේසියේදී ලංසු තැබීමට අදහසක් නොතිබුණද සියලුම ප්‍රාථමික අලෙවිකරුවන්ට ලංසු තැබීම අනිවාර්ය අවශ්‍යතාවයක් වූ බැවින් එසේ කර තිබිණි. තම සමාගම වෙන්දේසියේදී ‘ඩමි ලන්සුවක්’ තැබුවේ එම ලංසුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතික්ෂේප කරනු ඇතැයි අපේක්ෂාවෙන් බව ඔහු පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත්, මහ බැංකුව අනපේක්ෂිත ලෙස එකල වෙළඳපල අනුපාතවලට වඩා වැඩි අගයක් සහිත ලංසු භාර ගැනීමට තීරණය කළ බැවින්, දිනේෂ් ෂාෆ්ටර්ගේ සමාගම විසින් ඉදිරිපත් කරන ලද  “ඩමි ලංසුව“ ද පිළිගනු ලැබීය. මෙම තීරණය නිසා තම ප්‍රාථමික අලෙවි නියෝජිත ආයතනයට විශාල මුදලක් වැය වූ බව ඔහු කොමිසම හමුවේ කියා සිටියේය.

භාණ්ඩාගාර බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට නිර්දේශ ඉදිරිපත් කිරීමට අභාවප්‍රාප්ත දිනේෂ් ෂාෆ්ටර් ඉදිරිපත් කළ සාක්ෂි ඉතා වැදගත් විය.

මෙම කරුණු සැලකිල්ලට ගත්විට අභාවප්‍රාප්ත දිනේෂ් ෂාෆ්ටර්, කුප්‍රකට භාණ්ඩාගාර බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසමේ ප්‍රබල සාක්ෂිකරුවෙකු වූ බව කිව හැකියැයි ‘නිව්ස්ෆස්ට්’ වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.

ෂාෆ්ටර් එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ සාමාජිකයෙකු ලෙස මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණ සුදුසුකම් ලැබූවෙකි.  නීති උපාධි ධාරියෙකි.

දිනේෂ් ෂාෆ්ටර්  නායකත්වය දුන් බහුවිධ මූල්‍ය සමාගම් ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සහ ද්විතීයික වෙළෙඳපොළ තුළ ක්‍රියාත්මක විය. ඒ අතර ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් පීඑල්සී, ඔහු කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ලැයිස්තුගත කර ඇති සමාගමකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිඳගල රජමහා විහාරවාසී තරුණ හිමිනමකට බලහත්කාරයෙන් වස පොවලා… අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ!

Next Post

අඟුණකොලෙන් පැන්න  ගංජා නාලක දින 17කට පසු  දිඹුලාගල දී අත්අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.