බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 ඝාතකයෝ කොටු වෙති! සපුගස්කන්දේ කුණුගොඩකින්  හමුවූ කාන්තා මළ සිරුරේ සියලු රහස් හෙළි වේ!

by editor
නොවැම්බර් 6, 2021 - Updated on නොවැම්බර් 9, 2021
in පුවත්
මිය ගිය කාන්තාව - මොහොමඩ් ෂාෂි පාතිමා මුම්ටාස්

මිය ගිය කාන්තාව - මොහොමඩ් ෂාෂි පාතිමා මුම්ටාස්

Share on FacebookShare on Twitter

පසුගියදා සපුගස්කන්ද කසළ ගොඩක දමා ගිය ගමන් මල්ලකින් හමුවූ ඝාතනය කළ කාන්තවගේ මිනී මරුවන් අත්අඩංගුවට ගැනීමට සපුගස්කන්ද පොලිසිය අද (06) සමත් විය.

කොළඹ මාලිගාවත්ත නිවාස සංකීර්ණයක පදිංචි මොහොමඩ් ෂාෂි පාතිමා මුම්ටාස්    නැමති මෙම කාන්තාව ඝාතනය කර මළ සිරුර බෑගයක දමා සපුගස්කන්දේ කුණුගොඩකට රැගෙන ගොස් අත්හැරීමේ සිද්ධිය සම්බන්ධව සැකපිට  අඹු සැමි යුවලක් මේ ලෙස පොලිස් අත්අංඩගුවට පත් වී තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

පොලිස් පරීක්ෂණවල දී පොලිසිය සැක කරනු ලැබුවේ ඝාතනයට ලක් වූ කාන්තාව අවසන් වරට ගිය ඇයගේ මිතුරිය යැයි කියන රොෂානා නැමැති තැනැත්තිය සහ ඔහුගේ සොයුරා මෙම ඝාතනයට සම්බන්ධ විය යැකි බවය. ඒ වනවිට ඔවුන් දෙදෙනා අතුරුදහන් වී ඇති බව ද පොලිසිය කීවේය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ඒ ඔස්සේ පරීක්ෂණ ඇරඹූ පොලිසිය ඝාතනයට ලක් වූ කාන්තාව අවසන් වරට ගිය මට්ටක්කුලිය නිවසේ පදිංචිව සිටි රොසානා නැමැති කාන්තාව හා ඔහුගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රශ්නකීරීම්වල දී සැකකරුවන් සියල්ල හෙළි කර ඇත. ෆාතිමා මුම්ටාස් නැමැති කාන්තාව ඝාතනයට සැක පිට අත්අඩංගුවට ගත්  රොසානා නැමැති තැනැත්තියත් ඉතාම දැඩි ලෙස සූදුවට ඇබ්බැහිවූ අයෙක් බව හෙළි වී ඇත. ඇය කොළඹ ප්‍රදේශයේ සූදුපොළක දී තමන් සන්තක සියලු දේ පැරදී අවසානයේ දී සිය මගුල් මුද්ද උකස් කර සූදු කෙළ එයත් පැරදී තිබේ.

උකස බේරා ගැනීමට දින කීපයක් තිබිය දී එයා උකසින් මුදවා දෙන ලෙස රොසානා ඝාතනයට ලක්වූ ෆාතිමාගෙන් ඉල්ලා ඇත. ෆාතිමාත් දැඩි ලෙස සූදුවට ඇබ්බැහි වූ කාන්තාවක් මෙන්ම සූදු පොලවල පරදින අයගේ රන් භාණ්ඩ හා වෙනත් උපකරණ උකසට ගැනීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන්නියකි.

රොසානාගේ ඉල්ලීම මත    ෆාතිමා පසුගිය 28 වැනිදා සිය නිවසින් ගොස් ඇත්තේ රොසානාගේ මුද්ද උකසින් බේරාගෙන යම් මුදලක් ඇයට ලබා දී මුද්ද තමන් සන්තකයේ තබා ගන්නා අරමුණනි.

උකස බේරාගැනීමට රොසානා සහ ෆාතිමා ගොස් ඇත්තේ රොසානාගේ   සොයුරාට අයත් ත්‍රී රෝද රථයෙනි.   උකස බේරාගත් පසු රොසානා,  ෆාතිමාට ඇයගේ නිවසට පැමිණ තේ කෝප්පයක් බොන ලෙස ආරාධනා කර තිබේ.

එම ආරාධනාව පිළිගත්   ෆාතිමා     මට්ටක්කුලියේ රොසානාගේ නිවසට පැමිණ ඇත.

තේ පානය කරමින් සිටින විට පිටුපසින් පැමිණි රොසානාගේ සොයුරා ෆාතිමාට පොල්ලකින් පහර දී මරා දමා තිබේ. අනතුරුව සිරුර නිවස තුළම රඳවා තබාගෙන ඇත. එදින රාත්‍රියේ නිවසට පැමිණි රොසානාගේ සැමියාට ඝාතන සිද්ධිය කියා කිසිවෙකුට මේ ගැන නොදන්වන සේ සැල කර තිබේ.

මේ අතර මළ සිරුර ගමන් බෑගයක ඇසිරූ රොසානා සහ සොයුරා සිය නිවසේ වොෂින් මැෂින් එක සහ ෆ්‍රිජ් එක කැඩී ඇති බැවින් එය අලුත්වැඩියා කිරීමට අවශ්‍ය බව කියා කුලියට කුඩා ලොරි රථයක් ගෙන්වාගෙන ඇත. ඊට විදුලි උපකරණ පටවන අතරම  ෆාතිමාගේ මළ සිරුර සහිත බෑගය ද පටවා තිබේ.

එසේ පටවාගත් මළ සිරුර වැල්ලම්පිටියේ දී රොසානාගේ සොයුරා විසින් සිය ත්‍රී රෝද රථයට පටවාගෙන පැමිණ සපුගස්කන්ද කුණු ගොඩට අතහැර ඇත. මළ සිරුර කණුගොඩට අත්හැර ඇත්තේ පසුගිය 29 දාය.  ඇය මිය ගිය පසුව ඇය සතුව තිබූ රන් භාණ්ඩ සහ මුදල් ඔවුන් විසින් පැහැර ගනු ලැබ ඇති අතර මේ වනවිට එම භාණ්ඩද සොයා ගැනීමට පොලිසියට හැකිවී තිබේ.  ෆාතිමාගේ අතුරුදහන්වීම සම්බන්ධව ඇයගේ සැමියා පසුගිය 01 දා  බ්ලූමෙන්ඩල් පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.

පැදුරකින් ඔතා තිබූ ගමන් මල්ල…

මනුෂ්‍ය ඝාතන සිද්ධිය සම්බන්ධව සැකපිට රොසානා සහ රොසානාගේ සැමියාත් අත්අඩංගුවට ගෙන තිබේ. සොයුරා පලාගොස් සැඟවී සිටී. ඔහුව සොයා මෙහෙයුම් ආරම්භ වී ඇත.

සපුගස්කන්ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් ගේ මෙහෙවීමෙන් සපුගස්කන්ද පොලිසීය විමර්ශන සිදුකරයි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාස කීපයක් තුළ කාන්තාවන් 1500ක් වඩා අතුරුහදන්!… පොලිසිය හෙළි කරයි…

Next Post

එන අයවැයට ව්‍යාපාරික ප්‍රජාවගෙනුත් අදහස් ගත්තා ! සාකච්ඡා ලයිස්තුවක් මාධ්‍යයට

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.