ලන්ඩන් නුවර ගෝඨාගෝගම ශාඛාවක් ආරම්භ කර තිබේ.
ඊයේ (30) සිට ආරම්භ කර ඇති ලන්ඩන්නුවර ගෝඨාගෝගම ශාඛාව පිහිටුවා ඇත්තේ ලන්ඩන් නුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට වෙස්මිනිස්ටර් චතුරශ්‍රයේ ය.
“ගෝඨා ගෝ හෝම්“ කියන්නට අද එතැන බ්‍රිතාන්‍ය වාසී නිර්පාක්ෂක ශ්‍රී ලාංකිකයෝ දැවැන්ත උද්ඝෝෂණයක නිරත වෙති. අද ලන්ඩන් වෙලාවෙන් සවස 2ට එම උද්ඝෝෂණය පැවත්වෙන්නෙත් මෙම ගෝඨා ගෝ ගම ලන්ඩන් ශාඛාව පිහිටි පරිශ්‍රයේ ය.
ජනාධිපතිවරයා, අගමැතිවරයා සහිත ආණ්ඩුවම ඉවත් වී යන ලෙස බලකරමින් ගෝල්ෆේස් පිටියේ අරඹා ඇති ජන අරගලය ජාත්‍යාන්තරයේ ස්ථාවර කිරීම අරමුණු කරගෙන මෙම විරෝධතාවය දියත් වේ.
පහත දැක්වෙන්නේ විරෝධතාවය සඳහා පැමිණෙමින් සිටින විරෝධතා කරුවන්ය.







