බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෙවල්වලට පලයල්ලා බං… ෆුල් ටෑන්ක් ගහගෙන තවත් පෙට්‍රල් එකතු කරගන්න හිතන් උඹලා පෝලිම්වල ඉන්නේ හෙළුවෙන්…

by editor
මාර්තු 2, 2026
in පුවත්
දින කීපයකට පෙර හැදුන තේරුමක් නැති තෙල් පෝලිම්...

දින කීපයකට පෙර හැදුන තේරුමක් නැති තෙල් පෝලිම්...

Share on FacebookShare on Twitter

ජාලිය වීරක්කොඩි –

අයතුල්ලා අලි කමේනි ඝාතනය වන්නේ ඉරානයේ ය. තවම මැදපෙරදිග හෝ ඉන්ධන අර්බුදයක් ඇති වී නැත. එහෙම ඉන්ධන හිඟයක් ඇති විය හැකි වන ආකාරයට හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ අභිලාෂයක් ඉරානයටවත් නැත. ඒත් අපේ ගොබ්බයින් කියන කිසිම දෙයකට මෙලෝ ඇහුම්කන් දීමක් සිදු නොකර තෙල් පෝලිම්වලය.

“අයියේ… උදේ ලීටර 4900ක් තිබුනා. සාමාන්‍යයෙන් අපේ ෂෙඩ් එක දවස් තුනක් තිස්සේ ගහන තෙල්. ඊයේ හවස 06 වෙනකොට ඉවරයි. මුන්ට පිස්සු. දවල්ට කනකොටත් රෑ හතයි අපි…” අපේ ගමේ ෂෙඩ් එකේ මල්ලි ඊයේ හවස කීවේය.

“උදේ වෙනකොට තෙල් එනවා අයියේ. තෙල්වල කිසිම අඩුවක් නෑ… අයියා උදේම එන්න. මුං කියන මගුලක් තේරෙන්නේ නැති හැත්තක්…”  ෂෙඩ් එකේ මල්ලි තේරෙන්නට  කී කතාව රටේ තෙල් සංස්ථාවේ සභාපතිවරයාත් කීවේය. විදුලි බල සහ බලශක්ති ඇමතිත් කීවේය. ඒත් මුන් කවුරුත් කියන කිසිම දෙයක් අහන එකෙක් නැත. ඊයේ දිනයට වඩා අද දිනයේ දිගුවන පෝලිම් දුටුවෙමි. විශේෂම දැකුමක් ඇත.  ත්‍රීවිල් පාක්වල ත්‍රීවිල් මල්ලිලා දැන් පෙට්‍රල් පෝලිම්වලය. මුන් හදන්නේ යළිත් වරක් පෙට්‍රල් ජාවාරමක් සඳහා  නම්    රටේ නීතිය බරපතල ලෙස ඒ කුපාඩිකම වළක්වන්නට  ක්‍රියාත්මක විය යුතුව ඇත.

මිනිස්සුන්ගේ  තේරුම් ගත නොහැකි මේ ආත්මාර්ථකාමී හැසිරීම  ප්‍රකට වන්නේ  දිවයින පුරා ඩීසල් ලීටර් 1,332,311 ක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර් 2,019,600 ක් බෙදා හැර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහතික කරන විටය.   රට තුළ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බව සහතික කරන විටය.  ඉන්ධන තොග අවසන් වී පැය කීපයක් තුළ නැවත තොග සහිත බවුසර ඇවිත් ඉන්ධනහල්වල ටැංකි පුරවනු තමන්ගේම ඇස් දෙකෙන් දකින විටය.

දින 37 කට පෙට්‍රල් සහ දින 35 කට ඩීසල් පරිභෝජනය සඳහා ප්‍රමාණවත් තොග රට තුළ දැනට පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ඒ. රාජකරුණා සහතික කරයි.    පිරිපහදු කටයුතු සහ ඉන්ධන ආනයන ක්‍රියාවලිය කිසිදු බාධාවකින් තොරව සැලසුම් සහගතව සිදුවන බවත්,  දිවයින පුරා පිහිටි තොග ගබඩාවල ඉදිරි සති කිහිපය සඳහා ප්‍රමාණවත් පෙට්‍රල් සහ ඩීසල් සංචිත පවතින බැවින්, කිසිදු අයුරකින් ඉන්ධන කෝටාවන් සීමා කිරීමට හෝ හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව ඔහු අවධාරණයෙන් පවසයි.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බැවින්, කලබලයෙන් මිලදී ගැනීමෙන් හෝ අනවශ්‍ය ලෙස ගබඩා කිරීමෙන් වළකින ලෙස බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ද  මිනිස්සුන්ට දන්වයි. ඇමතිවරයාට අනුව ඉදිරි මාසය සඳහා අවශ්‍ය ඉන්ධන ඇණවුම් දැනටමත් තහවුරු කර තිබේ. නියමිත කාලසටහනට අනුව ඉන්ධන නෞකා දිවයිනට ළඟා වෙමින් ඇත. ඉන්ධන බෙදාහැරීමේ පද්ධතියේ කිසිදු බිඳවැටීමක් ද පෙනෙන්නට නොමැත. අද පොහොය දිනයකි. ඊයේ ඉරිදාවය. බොහෝ විට එවැනි දිනවල ඉන්ධන බෙදා හැරීම සාපේක්ෂව සිදුවන්නේ අඩුවෙනි.  එහෙත් පවතින තත්ත්වය තුළ අද දිනය තුළත්  ඊයේ දිනයේත් ප්‍රාදේශීය ඩිපෝ සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානවලින් ඉන්ධන බෙදා හැරීම  සාමාන්‍ය ධාරිතාවෙන්ම   සිදුවෙමින් තිබේ.

ඉතින් මේ කතාව මුන්ට තවත් තේරුම් යන්නට කිව හැක්කේ කෙසේ දැයි අපට වැටහෙන්නේ නැත. මේ ලියන මොහොත වනවිටත් ගිනි ගහන අව්වය. මේ අව්වේ එලියට බහිනන්ටවත් හිතෙන්නේ නැත. එහෙව  කූටකයේ  වේලෙමින් මුන් පැය ගණන් පෝලිම්වලය. මේ ඉන්න උන්ගෙන් සියයට අනූවක් පෙට්‍රල් තොග එකතු කරගැනීමේ අභිලාෂයෙන් ආපු උන්ය.   ඊයේ දිනයේ දී පෝලිම්වල සිටි උන් ගැලුම් සහ වෙනත් භාජනවලටත්  ඉන්ධන පුරවාගෙන ගිය අයුරු දුටුවෙමි. මේ වනවිට  අතිරේකව, බැරල්,   කෑන් හෝ බෝතල්වලට ඉන්ධන නිකුත් කිරීම දැඩි ලෙස තහනම් කර තිබේ. ඒ තීරණය නම් යහපත්ය.

“Panic Buying” නිසා සිදුවන අනවශ්‍ය හානිය

මෙම පදනම් විරහිත කලබලය අවසානයේ ඇති කරනු ඇත්තේ බලවත් ව්‍යසනයක් බව කිව යුතුව ඇත.  දිනකට අවශ්‍ය සාමාන්‍ය ඉන්ධන ධාරිතාව මෙන් කිහිප ගුණයක ඉල්ලුමක් එකවර පැමිණීම නිසා පිරවුම්හල්වල තොග වේගයෙන් අවසන් වේ. මෙය සැබෑ හිඟයක් නොවූවත්, සැපයුම් ජාලයට එය දරාගත නොහැකි පීඩනයකි. එමෙන්ම එක එකා වැඩිපුර එකතු කරගන්නා ඉන්ධන ලීටරයෙන් දෙකෙන් අවසානයේ දී රටේ ඇස්තමේන්තුගත ඉන්ධන තොගවල හිඟයක් කෘත්‍රිම ලෙස නිර්මාණය වීමෙන් රටක අනිවාර්ය ආර්තික සැලසුමට කෙලවී යෑමේ අවදානමක් තිබේ. දැන් එහි ලක්ෂණ සංඛ්‍යාලේඛණ  ඔස්සේ ප්‍රකට වෙමින් ඇත.

පසුගිය මාසයට සාපේක්ෂව මේ දිනවල ඉන්ධන නිකුත් කිරීමේ ධාරිතාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත්තේ සැබෑ අවශ්‍යතාවයකට වඩා සමාජය තුළ ඇති වී තිබෙන මේ තොග රැස්කිරීමේ කුප්ප මානසිකත්වය හේතුවෙනි. පෙබරවාරි මාසයේ 92 ඔක්ටේන් පෙට්‍රල් සඳහා රටේ   දෛනික නිකුතුව ලීටර මිලියන 3.2 – 3.5 අතර ප්‍රමාණයකි. පෝලිම් නිර්මාණය වූ දිනය තුළ ඔක්ටේන් 92 ඉන්ධන නිකුතුව ලීටර මිලියන 4.8 සිට 5.1 දක්වා සියයට 45කින් වැඩි වී තිබේ.

ඔටෝ ඩීසල් ගැන කතාවත් එය ය. පෙබරවාරියේ දිනයක් සඳහා රටේ  දෛනික නිකුතුව ලීටර මිලියන 5-5.5 අතරය. ඊයේ දිනය වනවිට එම අගය ලීටර මිලියන 6.5 – 7 දක්වා සියයට 25කින් ඉහළ ගියේය. මේ තත්ත්වය බෙදා හැරීමේ ජාලය මත දැඩි පීඩනයක් නිර්මාණය කර ඇත. ඇස්තමේන්තුගත රටේ ඉන්ධන තොගවලට පීඩනයක් ද එල්ල කර ඇත. මේය දේශපාලනිකව නම් පට්ටම ආතල් ගත හැකි අවස්ථාවක් බවට වූ ලකුණු දැනටමත් පෙනෙමින් තිබීම ඊලඟට කිව යුතු කෑල්ලය.

පුරවැසි වගකීම කුමක් ද?

වැඩ අත් හැර දමා මිනිස්සු දැන් පෝලිම්වලය.  අද ඇතැම් පෝලිම් මීටර හත්සීයක් අටසීයක් දිගය.   පෝලිම්වල රැඳී සිටිමින් අනවශ්‍ය තොග රැස් කිරීමට කරන නිරුවත් උත්සාහය හරහා සිදුවන්නේ කිසිදාක අපේක්ෂා නොකළ අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය කිරීම බව මුන්ට වැටහෙන්නේ නැත. මේවා දකින විට හිතෙන්නේ   ගෑස් බූලිවලට  රැස් කරගැනීමට අවස්ථාව නොලැබීම  වාසනාවක් බවය. අපට ඉන්නේ එහෙව් පුරවැසියන් ය. ලෝකයටම කෙළ වි යන්නේ නම් තමන්ගේ  ගෙදර එකතු කරගත් පෙට්‍රල් ලීටර හතර පහෙන් කළ  හැකි මගුලක් නොමැති බවට වූ මූලික අවබෝධය හෝ මුන්ට තිබිය යුතු බව අපේ විශ්වාසය ය.

දිගුවන පෝලිම් මේ වනවිට නගර ආශ්‍රිතව අනවශ්‍ය වාහන තදබදයක් ඇති කර කරන අයුරු දුටුවෙමි.  ඊයේ ඉරිදාවකි. කවදාවත් ඉරිදා දිනයක වාහන තදබදයක් නැති නයිවල හන්දියේ ඊයේ දිනය පුරා ඇති වී තිබූ තදබදය කටුනායක නිට්ටඹුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය ද අඩපණ කරන තරම් විය.

නිවෙස් තුළ සහ අනාරක්ෂිත බඳුන්වල පෙට්‍රල්/ඩීසල් රැස් කර තබා ගැනීම ගිනි අනතුරු වැනි මාරාන්තික අවදානම්වලට අතවනන ආකාරය අද උදෑසනවන විට කීප තැනකින් වාර්තා වූයේය.

මේ කතාව  සුද්ද සිංහලෙන් කීවත් මුන්ට තේරෙන්නේ නැත. ෂෙඩ් ඉදිරිපිට මේ  අප දකින්නේ  තමන්ගේ බඩ හැර වෙන කිසිම දෙයක් නොපෙනන  ආත්මාර්ථකාමී මිනිස් පෝලිමක නිරුවතය. අපට කියන්නට ඇත්තේ ” අනේ ඉතින් තොපි එක්ක හදන රට” කියා පමණය.

“පෝලිම්වල හෙළුවෙන් ඉන්නේ නැතිව ගෙවල්වලට පලයල්ලා බං…   රුපියල් පන්සීයක පෙට්‍රල් ගහගන්න බැරිව ඇත්තටම පෙට්‍රල් ඕන උන් තොපි හින්දා අනාත වෙලා….”

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මැදපෙරදිග අර්බුදය හමුවේ සංචාරකයන් සහ විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්!

Next Post

මැදපෙරදි මේ මොහොතේ යුද ගිනි ඇවිලෙන හැටි…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.