-
ඉන්ධන ගන්න ගුවන්තොටුපලට ගොඩබෑමේ ගාස්තුව ලෙස පමණක් ඉන්දීය රුපියල් කෝටි 1.5ක් තිරුවානාපුරම් ගුවන්තොටුපල උපයාගෙන…
පසුගිය මැයි 27 සිට මේ දක්වා ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්දියාවේ තුරුවානන්දපුරම් ගුවන්තොටුපල වෙත ශ්‍රී ලංකාවේ සිට ගුවන් යානා 208ක් පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියා ටුඩේ වාර්තාවට අනුව ඉන් ගුවන් යානා රැසක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා බවත් ශ්‍රී ලංකන් ගුවන් යානා වාර 130ක් පමණ ඉන්ධන ලබා ගැනීමට තුරුවානන්දපුරම් වෙත ගොස් ඇති බවත් දැක්වේ.
තිරුවානාපුරම් වෙත ඉන්ධන ලබා ගැනීමට ලංකාවේ සිට ගිය අනෙක් ගුවන් සේවා අතර ෆ්ලයි ඩුබායි, ඕමාන් එයාර්, ගල්ෆ් එයාර්, එයාර් ඇරබියා, එමිරේට්ස් සහ ෆිට්ස් වොයේජ් සිටින බව එම වාර්තා දක්වයි.
සෙනසුරදා තවත් ගුවන් යානා හතරක් ඉන්ධන ලබා ගැනිම සඳහා තිරුවානාපුරම් වෙත ගොස් ඇත.
ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ ඉන්ධන ලබා ගැනීම සඳහා ගුවන් තොටුපළට ගොඩබෑමේ ගාස්තුවෙන් පමණක් ඉන්දීය රුපියල් කෝටි 1.5ක් පමණ උපයා ගැනීමට තිරුවානාපුරම් ගුවන්තොටුපලට දැනට හැකි වි ඇති බවය. මෙම මිල ඉන්ධන පිරවුම් ගාස්තුවට අමතර ගුවන්තොටුපල ගාස්තුව පමණක් බව ද ඉන් පෙන්වා දෙයි.
ජාතියේ ඉන්ධන හිඟය කළමනාකරණය කරගැනීමට නොහැකි වූ මැයි 27 වන දින සිට ශ්‍රී ලංකා ගුවන් ගමන් සඳහා තිරුවානන්තපුරම් ගුවන් තොටුපළෙන් ඉන්ධන සැපයීම ආරම්භ කර ඇත.