කහවත්තේ තුෂාර හෙට්ටිආරච්චි –
ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරිකයෙකු වූ කහවත්තේ ගුරුගේ මැණික් සමූහ ව්‍යාපාරයේ අධිපති ජිනදාස ගුරුගේ අද (06) කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය.
දියණියන් හත් දෙනෙකුගේ සහ පුතෙකුගේ පියෙකු වන ඔහු මියයන විට අසූ දෙහැවිරිදි වියේ පසුවිය.
අවසන් කටයුතු 08 දා (බදාදා ) සවස කහවත්ත ගුරුගේ මැණික් පවුලේ සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.
ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ හා පතල්කරුවන්ගේ මහා සංගමයේ නිර්මාතෘවරයා හා වර්ථමාන ප්‍රධාන අනුශාසක වරයා ලෙස කටයුතු කරන්නේ ද ජනදාස ගුරුගේය.