අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට දුවන්නෙ කෘෂිකර්මයෙන් විතරක් නෙමෙයි… සංචාරකයන්ටත් යටිතල පහසුකම් දිය යුතුයි…

පොළොන්නරුව සොලොස්මස්ථානාධිපති, අස්ගිරි අනු නායක හිමි පරාක්‍රම සමුද්‍ර වෑ කන්දේ මංතීරුව ගැන වදාරති!

by editor
සැප්තැම්බර් 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • වැවත් වැව් බැම්මත් රැකගෙන වැව් සිරිය නැරඹීමට එන දෙස් විදෙස් පිරිසට පහසුකම් සැළසෙන බුද්ධිමත් වැඩපිළිවෙළකට අපි කවුරුත් එළඹීය යුතුයි

  • දැන් මේ රට දුවන්නේ කෘෂිකර්මාන්තයෙන්ම පමණක් නොවෙයි. සංචාරක කර්මාන්තයෙන්ද බොහෝ දෙනෙක් ජීවත් වෙනවා

  • වැව් බැම්ම රැකගන්න අතරම මෙබදු යෝජිත නව වැඩපිළිවෙළ වල වැදගත්කම සම්බන්ධවත් ඉදිරියට සලකා බලන්න සිදුවෙනවා.

  • ආවේගශීලී නොවී කරුණු කාරනා මැනවින් වටහාගෙන කටයුතු කිරීම අප කාගේත් වගකීමයි

පරාක්‍රම සමුද්‍රයත් වැව් බැම්මත් රැකගෙන වැව් සිරිය නැරඹීමට එන දෙස් විදෙස් පිරිසට පහසුකම් සැළසෙන බුද්ධිමත් වැඩපිළිවෙළකට අපි කවුරුත් එළඹීය යුතුව ඇතැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියෝ පවසති.

ඓතිහාසික උරුමයක් වන පරාක්‍රම සමුද්‍රයත් වැව් බැම්මත් ආරක්ෂා කිරීමේ වගකීම පොළොන්නරුව ජනතාවට පමණක් නොව,  ලක්වැසි සියලු ජනතාවට තිබෙන බවත් ගැටලුවක් ඇතිවූ විට ආවේගශීලී නොවී කරුණු කාරනා වටහාගෙන කටයුුතු කිරීම ඉතා වැදගත් බවත් උන්වහන්සේ කීහ.

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ රළපානාව මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට යෑම සම්බන්ධවෙන් මතුව තිබෙන ගැටලුව පිළිබඳව අදහස් දක්වමින් අනුනාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ උපාලි අනුනාහිමියෝ මෙසේද පැවසූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම ආශ්‍රිතව එම ප්‍රදේශයේ ජනතාවගේ මෙන්ම දෙස් විදෙස් වන්දනාකරුවන්ගේ සහ සංචාරකයින්ගේ පහසුව පිණිස ඇවිදින මංතීරුවක් ඇති කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැළසුම් කළා.  ඒ අවස්ථාවේ විරෝධාතාවක් මතුවූ නිසා එම කටයුුතු මේවන විට නතර වී තිබෙනවා. එබදු මංතීරු සහිත සංවර්ධන කටයුතු තුළින් වැව් බැම්මට හානිකර තත්ත්වයක් උදාවන බව ඇතැම් පිරිස් පවසනවා. එහෙත් ආදළා රාජ්‍ය ආයතන සහ ඒවාහි නියෝජිත මහත්වරු සහ ඉංජිනේරුවරු පවසන්නේ මෙම ව්‍යාපෘතිය මගින් වැවට කිසිදු හානියක් නොවන බවයි.

නාගරික සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙන්නේ වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ සහ අදාළ සියලුම ආයතන වල එකඟතාව මතයි. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පවා මේ සඳහා අනුමැතිය ලබාදුන් බව අපට දැනගන්න ලැබී තිබෙනවා. කෙසේ වුවත් ගැටලුවක් මතුව තිබෙන නිසා සියලු පාර්ශව එකතුව පුළුල් සාකච්ඡාවක් පවත්වා මේ පිළිබඳව ඉදිරි කටයුතු සැළසුම් කිරීම වැදගත්. එහිදී ආවේගශීලී නොවී කරුණු කාරනා මැනවින් වටහාගෙන කටයුතු කිරීම අප කාගේත් වගකීමයි.

මෙම වැව සහ බැම්ම රැක ගැනීමේ යුතුකම පොළොන්නරුවට සම්බන්ධ අප සියලු දෙනාට තිබෙනවා. ඒ වගකීම ලක්වැසි සැමට තිබෙනවා. ඒ ගැන අවධියෙන් සිටීම හොඳයි. ඒ වගකීමෙන් මිදෙන්න කාටවත් බැහැ. මේ රටේ ජනතාව පැරකුම් රජ දවස පටන් කටයුතු කර තිබෙන්නේ ඒ විදිහටයි. ඒ ගැන එලෙස කටයුතු කරන අතරම මෙබදු යෝජිත නව වැඩපිළිවෙළ වල වැදගත්කම සම්බන්ධවත් ඉදිරියට සලකා බලන්න සිදුවෙනවා.

අතීතයේ රට කෘෂිකාර්මික ගොවි ජනපද වලින් පිරී තිබුණා. අද පොළොන්නරුව ලෝක උරුමයකට ඇතුළත්ව තිබෙනවා. ඒ නිසා මේ රටේ වගේම ලෝකයේ බොහෝ රටවල ජනතාව පොළොන්නරුව බලන්න එනවා. ඒ එන අයට අවශ්‍යය යටිතල පහසුකම් ලබාදිය යුතුයි. නාගරික සංවර්ධන අධිකාරියට පැවරී තිබෙන්නේ එම වගකීම ඉටු කිරීමයි.

වැවත් වැව් බැම්මත් රැකගෙන වැව් සිරිය නැරඹීමට එන දෙස් විදෙස් පිරිසට පහසුකම් සැළසෙන බුද්ධිමත් වැඩපිළිවෙළකට අපි කවුරුත් එළඹීය යුතුයි. දැන් මේ රට දුවන්නේ කෘෂිකර්මාන්තයෙන්ම පමණක් නොවෙයි. සංචාරක කර්මාන්තයෙන්ද බොහෝ දෙනෙක් ජීවත් වෙනවා. කොවිඩ් වසංගත තත්ත්වය නිසා ඒ තත්ත්වය යම් ප්‍රමාණයකට වෙනස් වුවත් අපට පේනවා සංචාරක ක්ෂේත්‍රයේ වැදගත්ම.

අතීතය,අනාගතය හා වර්තමානය ගැන සිතා පටු ආකල්ප වලින් මිදී කටයුතු කිරීම අප කාගේත් වගකීම හා යුතුකමයි.ඒ ගැන බුද්ධිමත්ව කල්පනා කරන්න කියලා ජනතාවගෙන් ඉල්ලන්න කැමතියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනේ මිදි කිලෝව දඹුල්ලේ දී 200යි… එලවළු මිල සියයට 40කින් වැටේ…

Next Post

ගුරුගේ මැණික් අධිපති ජිනදාස ගුරුගේ අභාවප්‍රාප්ත වෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.