දෙරණ –
ඉන්දීය සංගීත ප්‍රසංගයක් සඳහා ගොස් සිටින ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා සුළු අනතුරකට මුහුණ දී තිබේ.
ප්‍රසංගයක් අතරතුර දී හදිසියේ ගිටාරය මුහුණේ වැදීමෙන් ඇගේ ඇස තැලීමකට ලක්ව ඇත.
එය බරපතළ නොවන බවත් ඉදිරි ප්‍රසංග සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන බවත් ඇය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.
“මැණිකේ මගේ හිතේ ” ගීතයෙන් මෙරට මෙන්ම ජාත්‍යන්තරය දිනාගත් නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වාගේ පළමු ජාත්‍යන්තර ගෘහස්ත ප්‍රසංගය පෙරේදා ඉන්දියාවේ නවදිල්ලියේදී පැවැත්වුණි.
ශ්‍රී ලාංකික ගායිකාවක් ඉන්දීය ප්‍රේක්ෂකයන් ඉදිරියේ සජීවී සංගීත සංදර්ශනයක් පවත්වන ලද ප්‍රථම අවස්ථාව මෙය ලෙස ද වාර්තා වේ.
එළඹෙන 03 වන දා ඇය ගුරුග්‍රම් සහ හයිද්‍රාබාද් යන නගරවලද ප්‍රසංග කිහිපයක් පැවැත්වීමට නියමිතය.
යොහානි ප්‍රති නිර්මාණය කළ ‘මැණිකේ මගේ හිතේ” ගිතය යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 100 ඉක්මවා ගොස් තිබේ.
යොහානි ෆේස්බුක් ඔස්සේ තබා තිබු සටහන පහතින් දැක්වේ.








