කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 13,000 සීමාව ඉක්මවා ගියේය.
ඒ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 55ක් තහවුරු කර වාර්තා කිරීමෙන් අනතුරුවය.
මේ වනවිට රට තුළ නිල වශයෙන් වර්තා කර ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 13,019 කි. එම කොවිඩ් මරණ 55න් 17 දෙනෙකු කාන්තාවන්ය. 38 දෙනෙක් පිරිමි පුද්ගලයින් ය.
මියගොස් ඇති පිරිස අතර වයස 60 වැඩි පුද්ගල මරණ 38 ක් වාර්තා වේ.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.







