ලංකාවේ ගෑස් ඒකාධිකාරය ඇමෙරිකාවට හෝ යුරෝපයට හෝ වෙනත් කාට හෝ දීමට තමන් සම්පූර්ණයෙන් විරුද්ධ බවත් එසේ ලබා දුණහොත් ඉදිරියේදී සිදුවන දේ බලාගන්නැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි. හිරු නාළිකාවේ හාඩ් ටෝක් විශේෂාංගය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මේ වනවිට ඇමෙරිකානු සමාගමකට යුගදනවි බලාගාරයේ සියයට 40ක් ලබා දීම සම්බන්ධයෙන් තමන්ගේ විරෝධයක් නැතත් ස්වභාවික වායු ඒකාධිකාරය ලබා දීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කරන බවයි.
එම ඒකාධිකාරය කවර විදේශ රටකට දුන්නද එක සේ අහිතකර බව පවසන අමාත්‍ය ගම්මන්පිල මේ සම්බන්ධයෙන් දැනට නිර්මාණය වී ඇති ගැටුම හමුවේ යම් යම් ක්‍රමෝපාය අනුමගනය කරන්නට සිදුව ඇති බව ද ගම්මන්පිල මහතා පවසයි. මර නින්දේ සිටින කෙනකුට එකවර බිරුවට ඇහෙරන්නේ නැතිනම් තවත් හයියෙන් බුරන්නට සිදුවන බවද සඳහන් කළ අමාත්‍යවරයා තමන් ඉදිරියේ මේ පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ගය දෙස බලා සිටින ලෙස පැවසීය.
මාධ්‍යවේදී දිලාන් මායාදුන්නේ විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය ගම්මන්පිල මෙසේද සඳහන් කළේය.
පසුගිය පෙබරවාරි මාසයේ විදුලි බල අමාත්‍යංශය පාවෙන ගෑස් ගබඩාවක් සඳහා ටෙන්ඩරයක් කැඳෙව්වා. ඊට සමගාමව මගේ යටතේ තිබෙන බලශක්ති අමාත්‍යංශය ගෑස් ගබඩාවේ සිට බලාගාරය වෙත නල පද්ධතිය සහ ඊට අදාළ යටිතල පහසුකම් සඳහා ටෙන්ඩරයක් කැඳෙව්වා. තෙල් සමාගමෙන් ඉදිරිපත් කළ ටෙන්ඩරයට එක් සමාගමක් ඉදිරිපත් වුණා අපේ එකට තවත් සමාගම් දෙකක් ඉදිරිපත් වුණා. මේ අතර තමයි ඇමෙරිකානු සමාගම ආවේ.
මේ ගැන මමත් ඩලස් අලහප්පෙරුමත් විරෝධය දැක්වුවා මේවා කිරීමෙන් මේ මේ ප්‍රශ්න මතුවියහැකි ය කීවා. ඩලස් අමාත්‍යවරයාත් විදුලි බල අමාත්‍යංශය හොඳින් කරගෙන ගියා.
ඩලස් ඇමතිවරයාට විදුලි බල අමාත්‍යංශය අහිමි විමත් විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ඉවත් කිරීමත් දෙකම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යෙව්දී මායාදුන්න විමසූ කල ඔහු සඳහන් කරන්නේ ගවේෂණාත්ත්මක මාධ්‍යව්දියකු ලෙස එසේ ඇසීම සාධාරණ බවය.







