කොවිඩ් ආසාදිතව රෝහල්ගත වී ප්‍රතිකාර ලැබූ රෝගීන් තුළ දිගු කාලීන කොවිඩ් රෝග ලක්ෂණ බහුලව දක්නට ලැබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර සිය ට්විටර් ගිනුමේ පණිවිඩයක් තබමින් පවසයි.
කාන්තාවන් අතර මෙම දිගු කාලීන රෝග ලක්ෂණ බහුල බව ඔහු පෙන්වා දෙයි.
අසාමාන්‍ය ශ්වසන අපහසුතා, පපුවේ සහ උගුරේ වේදනාව, විඩාව, හිසරදය මාංශ පේශී වේදනාව වැනි දිගු කාලීන රෝග ලක්ෂණ මෙන්ම මානසික සමතුලිතතාවය බිඳ දමන කාන්සාව සහ විශාදය රෝග ලක්ෂණ කොරෝනා අසාදිතයන් තුළ පැවතිය හැකි බව ආචාර්ය ජීවන්දර ස්වකීය ට්විටර් පණිවිඩයෙන් අනාවරණය කරයි.
ඔහුට අනුව 15%කට කාන්සාව සහ විශාදය වැනි මානසික රෝග ලක්ෂණ වැඩි වශයෙන් දක්නට ලැබේ. 8%කට අසාමාන්‍ය හුස්ම ගැනීමේ අපහසුතා, 8%කට උදර ආශ්‍රිත ආබාධ, 6%කට පපුවේ සහ උගුරේ ආබාධ, 5%කට හිසරදය වැනි තත්ව ඇතිවන බව ආචාර්ය වරයා පෙන්වා දෙයි.
ඔහු නිකුත් කළ ට්විටර් පණිවිඩය පහත දැක්වේ.
long-COVID symptoms were more frequent in those who had been hospitalised, and they were slightly more common in women.
— Chandima Jeewandara (@chandi2012) October 2, 2021