ගැරඬිඇල්ල මාරක රිය අනතුරට හේතුව අධික වෙහෙස හේතුවෙන් රියදුරුට නින්ද යාම බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බන්ඩාර විසින් ප්‍රකාශ කර ඇත්තේ නිසි විද්‍යාත්මක පදනමකින් නොවන බවට සැක පහළව බව අනතුර සම්බන්ධව කටයුුතු කරන විමර්ශන අංශ ප්‍රකාශ කර තිබේ.
මෝටර් රථ පරීක්ෂකවරයෙක් රථයක කාර්මික පැත්ත සම්බන්ධව සිය විෂය පථය මත විද්‍යාත්මක තහවුරුවක් ලබා දිය හැකි වුව ද රියදුරු නින්දයෑම සම්බන්ධව නිගමනයට එළඹි විද්‍යාත්මක කාරණා මොනවාදැයි ගැටලුවක් මතු වී ඇත. ඔහු මේ ප්‍රකාශය කර ඇත්තේ බස් රථයේ ගමන් ගත් මගීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පවා තොරව වීම ද අවධානයට යොමු වී ඇත.
එමෙන්ම මෝටර් රථ පරීක්ෂකවරයා මෙම අනතුරට හේතුව රියදුරුට නින්ද යෑම බව ප්‍රකාශ කරන්නේ බස් රථය ප්‍රපාතයේ රෝද හතරම උඩුකුරුව තිබෙන අවස්ථාවක බව ද මේ ප්‍රකාශයේ අවිද්යාත්මකබව ප්‍රශ්න කරමින් පොලිස් විමර්ශන අංශ විසින් සටහන් යොදා ඇති බව ද වාර්තා වේ.
මේ හේතුවෙන්ම ඊයේ (14) රජයේ රස පරීක්ෂකවරයා ද ගෙන්වා මෝටර් රථ පරීක්ෂවරයෙක් ලවා නැවත නිසි පර්යේෂණයක් කළ බව විමර්ශන අංශ පවසයි. බස් රථයේ අධික පිරිසක් ගමන්ගෙන තිබූ අතර බස් රථයේ මගීන් රියදුරු සමග කතා කරමින් පැමිණ ඇති බව ද, බස් රථය ටික දුරක් ගැස්සෙමින් පැමිණ ඇති බව ද මේ වනවිට මගීන්ගෙන් ලබා ගත් ප්‍රකාශවල සටහන්ව ඇතැයි විමර්ශන අංශ කියයි.
මේ සම්බන්ධව නිශ්චිත විද්‍යාත්මක නිගමනයකට එළඹෙන්නට තව කීප දිනක් ගතවනු ඇති බව ද විමර්ශන අංශ පවසයි.







