මේ වනවිට ජානධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට වාහන 107ක් ගාල් කර ඇත්තේ ප්‍රදර්ශනය සඳහා නොව, කාර්යාල පරිශ්‍රයේ ඉඩ පාඩු රහිත වීම නිසා බවත් හැකි ඉක්මනින් එම වාහන අත්‍යාවශ්‍ය සේවා පදනම මත බෙදා හරින්නට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලය වෙත ලබා දුන් වාහන නොවන බව ද එහි පැහැදිලි කර තිබේ.
උක්ත වාහන 107 හිටපු ජනාධිපති විසින් සිය ධූර කාලය තුළදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය යටතේ පත් කරන ලද සිය පුද්ගලික කාර්ය මණ්ඩලය වෙත ලබා දුන් වාහන බවත් එම නිවේදනයේ දැක්වේ.








