ලලිත් චාමින්ද –
ගාල්ල ධිවර වරායේ බහුදිනයාත්‍රා 139ක් අද (15) දිනය තුළ ඩිසල් ලබා ගැනිම සදහා පොලිමේ සිටින බවත් ඩිසල් හිඟය නිසා දිනකට ඩිසල් ලබාදිය හැක්කේ ඉන් බහුදින යාත්‍රා 04කට පමණක් බවත් ගාල්ල ධිවර වරායේ කළමණාකරු චතුරංග අධිකාරම් පවසයි.
මෙම තත්වය නිසා බහුදින යාත්‍රාවලින් මුහුදු රක්ෂාවේ යන ධීවර කාර්මිකයින්ට නියමිත කාලයට මුහුදු රස්සාවේ යාමට නොහැකි තත්වයක් උදාවි ඇති බවද ධිවර වාරයේ කළමණාකාරවරයා පවසයි.
ගාල්ල ධිවර වරාය සඳහා දිනකට ලැබෙන්නේ ඩිසල් ලිටර් 6400ක තොග තුනක් බවද හෙතෙම පවසයි. ඊයේ (14) දිනය තුළ ගාල්ල ධිවර වරාය වෙත ලැබි තිබුණේ එක් ඩීසල් තොගයක් පමණක් බවද ධිවර වරායේ කළමණාකාරවරයා පවසයි.
ගාල්ල ධිවර වරයෙන් මුහුදු යන බහුදින යාත්‍රා 750ක් පමණ තිබෙන බව සඳහන් කළ ගාල්ල ධිවර වරායේ කළමණාකාරවරයා මෙම තත්වය නිසා මත්ස්‍ය මිල ද වැඩිවි ඇති බවද පවසයි.
ගාල්ල ධිවර වරායේ බලයා කෙලවල්ලා කිලෝවක තොගමිල රුපියල්650 -700 දක්වා වැඩි වි ඇති අතර ලින්නා කිලෝවක තොගමිල රුපියල් 580 දක්වා වැඩිවී ඇති බවද ගාල්ල ධිවර වරායේ කළමණාකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේය.







