ලලිත් චාමින්ද
කරාපිටිය හිඹුරල පිහිටි Queensbury පෞද්ගලික රෝහල තුළ සිදුකරනු ලැබු සැත්කමකින් අසාධ්‍ය තත්වයකට පත්ව කරාපිටිය ජාතික රෝහලට ඇතුලත්කරනු ලැබු එක්දරු මවකගේ මරණය සම්බන්ධයෙන් විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් තිදෙනකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් මගින් පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා මරණයට හේතුව අධිකරණයට වාර්තා කරන්නැයි ගාල්ල මහෙස්තාත් ඉසුරු නෙත්තිකුමාර කරාපිටිය ජාතික රෝහලේ අධ්‍යෂකවරයාට නියමකරණු ලැබිය.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ගාල්ල මිපාවල පදිංචිව සිටි සෙව්වන්දි ඉලම්පෙරුම නැමැති (46) එක්දරු මවකි.
මියගිය අයගේ මුලික මහෙස්ත්‍රාත් පරික්ෂණය ගාල්ල මහහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින් පවත්වනු ලැබිය
මියගිය කාන්තාව උදරයේ වේදනාවක් මත මෙම පෞද්ගලික රෝහලට ඇතුළත් කිරිමෙන් ප්‍රසව නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු විසින් ඩිම්බ කෝෂයේ ගෙඩියක් ඇති බවත් එය සුවකිරිමට ගර්භාෂය ඉවත් කළ යුතු බවත් පවසා ඔහු විසින් එම සැත්කම සිදුකොට ඇත.
ඉන් පසුව රෝගියා නිවසට ගොස් ඇති අතර දිනකට පසුව යලි අසනිප වි මෙම පුද්ගලික රෝහලට ඇතුළත් කර ඇත.
මෙහිදි රෝගි කාන්තාව මුල් වෛද්‍ය වරයා හමු නොවු අතර රෝහල භාර වෛද්‍යවරු රෝගියාට විවිධ ප්‍රතිකාර ලබා දි ඇති අතර රෝගියාට K.C.l එන්නත ලබා දිමට උපදෙස් දි ඇත
එම රෝහලේ හෙදියක විසින් පලමු එන්නත ලබා දි දෙවන එන්නත ලබා දෙනවාත් සමගම රෝගියා අසාධ්‍ය තත්වයට පත් වි ඇත.
ඉන් පසුව මෙම රෝහලේ නේවාසික වෛද්‍යවරයා සහ තවත් වෛද්‍ය වරුන් දෙදෙනක විසින් රෝගියා බලා ඇති නමුත් තත්වයවය බරපතල විම හේතුවෙන් රෝගි කාන්තාව ක්ෂණිකව කරාපිටිය ජාතික රෝහලට ඇතුලත්කර තිබේ.
ඒ වනවිට ඇයගේ හෘද ස්පන්දනය පවා නතර වි ඇති අතර පසුව කරාපිටිය ජාතික රෝහලේ වෛද්‍යවරු විසින් කල විශේෂිත වෛද්‍ය ප්‍රථිකාර ඇයගේ හෘද ස්පන්දනය යලි ක්‍රියාකාරි තත්වයට පත්ව ඇත.
කෙසේවුවද රෝගි කාන්තාවගේ මොළය අක්‍රිය වි තිබු අතර පුද්ගලික රෝහල විසින් දෙවැනිවරට දෙනු ලැබු එන්නත නිසා ඇයගේ දකුණු අත ඉවත් කිරිමට සිදුවි ඇත.
පසුගිය 23වැනි දින මෙම කාන්තාව කරාපිටිය ජාතික රෝහලේ දි මියගොස් ඇති අතර මේ පිළිබද මියගිය කාන්තාවගේ සැමියා විසින් ගාල්ල මානවහිමිකම් ප්‍රථමාධාර කාර්යාලයට ද පැමිණිලිකොට තිබුණි.
මානවහිමිකම් ප්‍රථමාධාර ඒකකයේ සම්බන්ධිකාර නිලධාරි එස්. ඉරෝෂාගේ උපදෙස් මත ඔහු විසින් ගාල්ල අපරාධ විමර්ෂණ ඒකකයට පැමිණිලි කොට තිබුණි. මේ පිළිබද අපරාධ විමර්ශන ඒකකය විසින් පරික්ෂණ ආරම්භකොට තිබු අතර කාන්තාව මිය යාමෙන් පසු ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන ඒකක විසින් මේ සම්බන්ධයෙන් පුද්ගලික රෝහලේ බලධාරින්ගෙන් සහ එන්නත ලබා දුන් හෙදියකගෙන් හා නේවාසික වෙද්යවරයකු හා තවත් විශේෂඥ වෛද්‍යවරයකුගෙන් කටඋත්තර ලබා ගෙන ඇත.
සැත්කම කළබව කියන විශේෂඥ වෛද්‍යවරයා ඊයේ (23) වනවිටත් පොලිසියට කටඋත්තර ගැනිමට නොහැකි වීතිබුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසියේ මුලස්ථාන පොලිස් ස්ථානාධිපති ජයවීරගේ උපදෙස් මත අපරාධ පරික්ෂන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරිකෂක පි.එච් ආනන්ද උප පොලිස් පරික්ෂක කීර්ති ඇතළු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යන අතර සිද්ධිය සම්බන්දයෙන් විශේෂඥවෛද්‍යවරයා සොයා පරික්ෂණ පවත්වා ගෙන යයි.
මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරික්ෂණය හෙට (25) විශේෂඥ අධිකරණ වෛද්‍ය කණ්ඩායම විසින් ගාල්ල ජාතික රෝහලේ දි පැවැත්විමට නියමිතය.







