සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ල පුද්ගලික රෝහලක් තුළ කළ සැත්කමකින් කාන්තාවක් මිය යෑම පිළිබඳ විශේෂ විමර්ශනයක්….

by editor
අගෝස්තු 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද 

කරාපිටිය හිඹුරල  පිහිටි Queensbury පෞද්ගලික රෝහල තුළ සිදුකරනු ලැබු සැත්කමකින් අසාධ්‍ය තත්වයකට පත්ව කරාපිටිය ජාතික රෝහලට ඇතුලත්කරනු ලැබු එක්දරු මවකගේ මරණය  සම්බන්ධයෙන්   විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්  තිදෙනකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක්  මගින් පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා මරණයට හේතුව  අධිකරණයට වාර්තා කරන්නැයි ගාල්ල මහෙස්තාත් ඉසුරු නෙත්තිකුමාර   කරාපිටිය ජාතික  රෝහලේ  අධ්‍යෂකවරයාට  නියමකරණු ලැබිය.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ  ගාල්ල මිපාවල පදිංචිව සිටි සෙව්වන්දි ඉලම්පෙරුම නැමැති (46) එක්දරු මවකි.
මියගිය අයගේ මුලික මහෙස්ත්‍රාත් පරික්ෂණය ගාල්ල  මහහේස්ත්‍රාත්  ඉසුරු නෙත්තිකුමාර විසින්  පවත්වනු ලැබිය

මියගිය කාන්තාව උදරයේ වේදනාවක් මත මෙම පෞද්ගලික රෝහලට ඇතුළත් කිරිමෙන් ප්‍රසව නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු විසින් ඩිම්බ කෝෂයේ ගෙඩියක් ඇති බවත් එය සුවකිරිමට ගර්භාෂය ඉවත් කළ යුතු බවත් පවසා ඔහු විසින් එම සැත්කම සිදුකොට ඇත.

ඉන් පසුව රෝගියා නිවසට ගොස් ඇති අතර දිනකට පසුව යලි අසනිප වි මෙම පුද්ගලික  රෝහලට ඇතුළත් කර ඇත.

මෙහිදි  රෝගි කාන්තාව මුල්  වෛද්‍ය වරයා හමු නොවු අතර රෝහල භාර වෛද්‍යවරු  රෝගියාට විවිධ ප්‍රතිකාර ලබා දි ඇති අතර  රෝගියාට K.C.l  එන්නත ලබා දිමට උපදෙස් දි ඇත

එම රෝහලේ හෙදියක විසින් පලමු එන්නත ලබා දි දෙවන එන්නත  ලබා දෙනවාත් සමගම රෝගියා අසාධ්‍ය තත්වයට පත් වි ඇත.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ඉන් පසුව මෙම රෝහලේ නේවාසික වෛද්‍යවරයා සහ තවත් වෛද්‍ය වරුන් දෙදෙනක විසින් රෝගියා  බලා ඇති නමුත් තත්වයවය බරපතල විම හේතුවෙන් රෝගි කාන්තාව  ක්ෂණිකව  කරාපිටිය  ජාතික  රෝහලට ඇතුලත්කර තිබේ.

  ඒ වනවිට ඇයගේ හෘද  ස්පන්දනය  පවා නතර වි ඇති අතර පසුව කරාපිටිය ජාතික  රෝහලේ වෛද්‍යවරු විසින්  කල විශේෂිත   වෛද්‍ය ප්‍රථිකාර  ඇයගේ හෘද ස්පන්දනය  යලි ක්‍රියාකාරි තත්වයට පත්ව ඇත. 

කෙසේවුවද රෝගි  කාන්තාවගේ මොළය අක්‍රිය වි තිබු අතර පුද්ගලික රෝහල විසින්   දෙවැනිවරට  දෙනු ලැබු එන්නත නිසා ඇයගේ දකුණු අත  ඉවත් කිරිමට සිදුවි ඇත.

 පසුගිය 23වැනි දින මෙම කාන්තාව කරාපිටිය ජාතික රෝහලේ දි  මියගොස් ඇති අතර  මේ පිළිබද මියගිය කාන්තාවගේ සැමියා විසින් ගාල්ල  මානවහිමිකම් ප්‍රථමාධාර   කාර්යාලයට ද පැමිණිලිකොට තිබුණි.

මානවහිමිකම් ප්‍රථමාධාර ඒකකයේ   සම්බන්ධිකාර නිලධාරි එස්. ඉරෝෂාගේ උපදෙස් මත ඔහු විසින් ගාල්ල අපරාධ විමර්ෂණ ඒකකයට පැමිණිලි කොට  තිබුණි. මේ පිළිබද අපරාධ විමර්ශන ඒකකය විසින් පරික්ෂණ ආරම්භකොට තිබු අතර  කාන්තාව මිය යාමෙන් පසු  ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන ඒකක විසින් මේ සම්බන්ධයෙන් පුද්ගලික රෝහලේ බලධාරින්ගෙන් සහ එන්නත ලබා දුන් හෙදියකගෙන්  හා නේවාසික  වෙද්‍යවරයකු හා තවත් විශේෂඥ වෛද්‍යවරයකුගෙන්  කටඋත්තර ලබා ගෙන  ඇත. 

සැත්කම කළබව කියන   විශේෂඥ වෛද්‍යවරයා ඊයේ (23) වනවිටත් පොලිසියට කටඋත්තර ගැනිමට නොහැකි වීතිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසියේ  මුලස්ථාන පොලිස් ස්ථානාධිපති ජයවීරගේ උපදෙස් මත අපරාධ පරික්ෂන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරිකෂක  පි.එච් ආනන්ද උප පොලිස් පරික්ෂක කීර්ති ඇතළු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යන අතර සිද්ධිය සම්බන්දයෙන්  විශේෂඥවෛද්‍යවරයා සොයා පරික්ෂණ පවත්වා ගෙන යයි. 

මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරික්ෂණය හෙට (25)  විශේෂඥ අධිකරණ වෛද්‍ය කණ්ඩායම විසින් ගාල්ල ජාතික රෝහලේ දි පැවැත්විමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වැඩ වර්ජනය නවත්වන්න කිසිම අදහසක් නෑ… සමාජ මාධ්‍ය බොරු කියනවා… GMOA කියයි…

Next Post

තැපෑලේ සේවක පුරප්පාඩු 4500ක්… කාර්ය සාධන වාර්තාවක් හෙළි කරයි…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.