ප්‍රවීණ ගායන ශිල්පි නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 76වැනි වියෙහි පසු වූ ඔහු සිය නිවසෙදී මියගොස් ඇත්තේ, හෘදයාබාධයක් හේතුවෙන් බවට විශ්වාස කරයි. .
මොරටුවේ උපත ලද නිහාල් නෙල්සන් මහතා ගීත රචකයකු සහ තනු නිර්මාණකරුවකු ලෙසද පුකට වන අතර ඔහු තමන්ට ලියා තමන්ම තනුවක් දැමූ ගීතයත් මොරටුවේ මංගල උත්සවයක ගායනා කිරීමෙන් ගායන ලොවට පිවිස ඇත.
” ලස්සනට පිපුණු වන මල් ” ඔහු පටිගත කල ප්‍රථම ගීතයයි. ගීත රැසක් ගායනා කළ නිහාල් නෙල්සන් මහතා ලංකාවේ පළමු සී ඩී තැටිය නිකුත් කළ ගායකයා ලෙසද සැලකේ. නිහාල් නෙල්සන් මහතා චිත්‍රපට 25 කට අධික සංඛ්‍යාවක ද ගීත ගායනා කර තිබේ.
ඔහුගේ අවසන් කටයුතු පිළිබඳව පසුව නිවේදනය කිරීමට නියමිතය.







