පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිද්ධිය සම්බන්ධයෙන් ශිෂ්‍යභාවය අහෝසි කළ සිසුන් 12 දෙනා අතරින් 06 දෙනෙකු ඊයේ (12) රාත්‍රියේ පේරාදෙණිය පොලීසියට බාරවී තිබේ.
මෙම පිරිස පොලීසියට පැමිණ ඇත්තේ ඊයේ (12) රාත්‍රි 9.30 පමණ ය.
ඔවුන් සියලු දෙනා කලා පීඨ සිසුන් ය. විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මගින් ශිෂ්‍යභාවය අහෝසි කරන ලද සිසුන් 12 දෙනා අතරින් 08 දෙනෙකු කලා පීඨ සිසුන් වන අතර සෙසු පිරිස විද්‍යා පීඨයේ ය..
හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහචාර්ය අතුල සේනාරත්නෙටත් ඔහුගේ පුතා ඇතුළු පවුලේ උදවියටත් පහර දී නිල නිවසට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ සෙසු පිරිස අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි .
මෙම පහර දීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මට්ටමින් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මහාචාර්ය අතුල සේනාරත්න පදිංචිව සිටි නිල නිවසේ ආවේක්ෂණ කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීමෙන් පසු මෙම සිසුන් 12 දෙනා හඳුනා ගෙන තිබේ.
මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නගේ අධීක්ෂණය යටතේ පේරාදෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.







