බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගල්කිස්ස සිරිපාල පාරේ ඝාතකයා පැයක් යන්නටත් පෙර   පොලිසියට කොටුවුන හැටි!

by editor
ජනවාරි 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ගල්කිස්ස පොලිස් වසමේ සිරිපාල මාවතේ දී බඩෝවිට පදිංචි 24 හැවිරිදි තරුණයකුට ඊයේ (19) වෙඩි තබා ඝාතනය කර යතුරුපැදියකින් පලායමින් සිටි වෙඩික්කරු ගිනි අවිය ද සමඟ  පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තේය. අපරාධය සිදුවී පැයක් ගතවන්නට මත්තෙන් ගිනි අවියත් සමග ඝාතකයා අත් අඩංගුවේය. මෑත ඉතිහාසයේ එවැනි සක්‍රීය ප්‍රති උත්තරයක් පොලිසියෙන් ලැබී තිබුණේ නැත.

මේ කෙටි සටහන ඝාතකයා අත් අඩංගුවට ගත් ඒ මෙහෙයුම දියත්වුන ආකාරය සම්බන්ධවය.

බඩෝවිට අසංක නැමැති පාතාලයා සහ කොස් මල්ලී යන අන්වර්ථනාමයෙන් හඳුන්වන පාතාලයා  අතර  දෙහිවල, ගල්කිස්ස හා කොහුවල ආශ්‍රිතව මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන්  කාලයක් තිස්සේ ගැටුමක් පවතින්නේය. මුන් දෙන්නාම දැන් ඉන්නේ විදේශගතවය. විදේශගතවී ඉන්නා මේ අපරාධකරුවන් තමන්ගේ ගෝලයින් යොදවා    එකාට එකා මරා ගනනේය.  මේ වනවිට වෙඩිතබා සිදුකළ ඝාතන හතකට වඩා ප්‍රමාණයක් මුන් දෙන්නාගේ මරාගැනීම හේතුවෙන් සිදුවී තිබේ.

එවැනි වෙඩි තැබීමක්  ඊයේත් සිද්ධ වුනේය.  ඉන් තරුණයෙක් මිය ගියේය. 24 හැවිරිදි මිය ගිය තරුණයා සවිඳු තරුෂ නැමැත්තෙකි.  ඔහු  බඩෝවිට පදිංචිකරුවෙකි.  කොස්මල්ලී නැමැත්තාගේ ගෝලයෙක් සේ සැලකෙන මෙම තරුණයාට වෙඩි තබා තිබුණේ   බඩෝවිට අසංකගේ  පාර්ශවයේ ඝාතකයෙකි. ඝාතකයා පදිංචි පොල්ගස් ඕවිට පන්සල් වත්තේය. නමින් ශ්‍රීනාත් ප්‍රනාන්දුය. අවුරුදු 47කි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

වෙඩි තබා පලා යෑම

ඝාතකයා මහ දවල් සිය බිල්ල ගෙන පලා යන්නේ  ඔහු විසින් සැලසුම් කරන ලද මාර්ගයකය. ඔහුව රැගෙන යතුරු පැදිය හසුරුවන්නේ මේ වැඩේට පළපුරුදු  දක්ෂ පැදිකරුවෙකි. වෙඩික්කරු සිරිපාල මාවතේදී වෙඩි තබා  සැලසුම්කළ  අතුරු මාර්ගයක් ඔස්සේ පලා යමින් සිටියේය.

මේ අතර දෙහිවල පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරු තිදෙනකු පොලිස් ත්‍රීරෝද රථයෙන් වරෙන්තුකරුවකු අල්ලාගෙන එම අතුරු මාර්ගයේ එමින් සිටියේය. එම අවස්ථාවේදී මාර්ගයේ යම් වාහන තදබදයක්  තිබිණි.  කලබලයත්  පැවති වාහන තදබදයත් හේතුවෙන්    වෙඩික්කරු ගමන් කළ යතුරුපැදිය, පොලිස් ත්‍රීරෝද රථයට වෙට්ටුවක් දමා ඉදිරියට ධාවනය කරනු ලැබුවේය.  අනතුරුදායකව සිදුවන ඒ මදාවි යතුරුපැදි හැසිරවීමට ත්‍රීවිල් රථය පදවමින් සිටි පොලිස් රියදුරාට යකා නැග්ගේය.     පොලිස් රියැදුරා යතුරුපැදිකරුට ආවේගයෙන් කෑ ගසා බැන්නේය. පලා යන අපරාධකරු  තමන් මේ වෙට්ටු දාන්නේ පොලිස් ත්‍රීවිල් රථයකට බවට නිච්චියක් නොතිබිණි. ඉස්සර කර ගන ගමන්ම හොඳ පදයක් කියා යතුරුපැදියේ පසුපස සිටි වෙඩික්කරු පොලිස් නිලධාරීන්ට බැන්නේය.

පොලිසියෙන් සල්ලන් වූ හැටි

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිතරන්ගේ නිවස පිහිටා තිබුණේ මේ පාරේය. යම් සැකකටයුතු හැසිරීම් සම්බන්ධව විමර්ශනය කරමින් ආවේශන රාජකාරියේ යෙදවූ බුද්ධි නිලධාරීන් දෙදෙනෙක් මේ අවට නිතරම රාජකාරි කරන්නේය. එසේ සිවිල් ඇඳුමින් රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරියෙක් සිය පෞද්ගලික යතුරු පැදියෙන් මේ ස්ථානය පසුකර යනවිට පොලිසියට කුණු කතාවෙන් බනින මදාවියා දුටුවේය.  ඔහු සැකයක් නොසිතන සේ යතුරුපැදියෙන් ඔහු පසුපස පන්නා එක්වරම අසල තාප්පයකට හේත්තුවන සේ මග හරස් කර යතුරුපැදි කරු නැවැත්තුවේය.

ඒ සමගම ගිනි අවිය සහිත යතුරුපැදියේ පසු අසුනේ සිටි ඝාතකයා අවියත් රැගෙන බිමට පැන පොලිස් නිලධාරියා  ඉලක්ක කර කොකා ගැස්සුවේය. වෙලාව හොඳය. ගිනි අවිය ක්‍රියාත්මක වුනේ නැත. එය බිම වැටුනේය.    මේ සැනකින් පසුපසින් පැමිණි ත්‍රී රෝද රථයේ පොලිස් නිලධාරීන් ගිනි අවිය සහිත පුද්ගලයාගේ ඇඟට පැන ඔහුව පෙරළා ගත්තේය. මේ කලබැගෑනිය අස්සේ යතුරුපැදියත් එතන දමා පැදිකරු පලා ගියේය.

තමන් අත්අඩංගුවට ගත් සැකකරු   සිරිපාල මාවතේ වෙඩික්කරු ඔහු බවත් ඔහු අත තිබුණු ගිනි අවිය එම වෙඩි තැබීමට යොදාගත් එක බවත් පොලිසිය හෙළිදරවු කරගන්නේ ඔහුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ  බුද්ධික මනතුංග  සඳහන් කරනු ලැබුවේ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මෙයට පෙර ද ඔහුට එරෙහිව චෝදනා ඇති බවය. ඒ හැරුණුකොට මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් ද අවස්ථා කිහිපයකදීම පොලීසියට ඔහු හසුවී ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ. .. යතුරුපැදිකරු මෙන්ම මෙම ඝාතන සැලසුම පිටුපස සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඊයේ මෙහෙයුමක් අරඹා තිබුණි. ( දිනමිණ පුවත්පත ඇසුරෙනි )

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යාපනයේ ස්වර්ණාභරණ වෙළෙඳසැලක් කොල්ල කෑ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 02ක් ඇතුළු 06ක් අත් අඩංගුවට…

Next Post

පාතාලයන් කුලියට මිනී මරන්න හයර් කරන හමුදා සෙබලුන්ගේ කතාව මන්නාරමෙන් හෙළි වන හැටි…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.