අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාතාලයන් කුලියට මිනී මරන්න හයර් කරන හමුදා සෙබලුන්ගේ කතාව මන්නාරමෙන් හෙළි වන හැටි…

by editor
ජනවාරි 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

මේ වනවිට මන්නාරම ද්විත්ව ඝාතනයේ මුල මැද අග විසඳී අවසන්ය. ඝාතන වැලට හේතුව වූ සිද්ධිය පසුබිම් කරගෙන සමූල ඝාතනයක් සදහා සැරසී සිටි මන්නාරමේ පාතාල අපරාධකරු හඳුනාගෙන තිබේ. ඔහු ලෙයට ලෙයින් පලිය ගැනීම සඳහා සිදුකළ ඝාතන 05ක කතාව දැන් දිගහැරෙමින් ඇත.

මේ සමගම අප කථා කිරීමට සූදානම් නැති ගෞරවනීය තැනකට අපවිසින් ඔසවා තබා තිබෙන හමුදාවේ ඇතැම් සාමාජිකයන්ගේ තිරිසන් ක්‍රියා කලාපය එළි දකිමින් ඇත. මේ සිදුවන්නේ හුදකලා සිදුවීම් දැයි ප්‍රශ්න කරන තැනකට රට පත් කර තිබේ. මේ මොහොත වනවිට පොලිිසය වැලිකන්ද යුද හමුදා කඳවුරක වූ අවි ගබඩාවකින් අතුරුදහන් වී ඇති ටී 56 ගිනි අවි 75ක් ගැන විමර්ශනය කරයි. යාපනයේ රන් භාණ්ඩ අලෙවි සලකට වැදී රුපියල් ලක්ෂ තිහක වත්කම් කොල්ල කෑ හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙක් ඊයේ (19) සවස අත් අඩංගුවට පත් වී තිබේ.

ඊයේ නිල වශයෙන් ප්‍රකාශකළ පරිදි මන්නාරමේ ද්විත්ව ඝානය සිදුකළ කුලී ඝාතකයා යුද හමුදා සක්‍රීය සේවයේ යෙදී ඉන්නා සෙබලෙකි. ඔහු රාජකාරියේ සිටිය දී පාර්ට් ටයිම් මිනී මරන එකෙකි. මේ සිද්ධියටම අදාලව මින් පෙර එම ඝාතන සිද්ධියටම අදාල ඝාතන දෙකක වෙඩික්කරුවී ඇත්තේ ආබාධිත වී සේවයෙන් විශ්‍රාම ගිය කුලී ඝාතක “රණවිරුවෙකි.”

ජනවාරි 16 ඝාතන සිද්ධියේ මුල

2022 වසරේ ජූලි මස 08 වැනිදා මන්නාරම උලියන්කුලම නොච්චිකුලමේ දී සහෝදරයින් දෙදෙනෙක් ඝාතනය කෙරිනි. මෙම ඝාතන දෙක සිද්ධ වන්නේ තිරික්කල් තරගයක් අතරතුර ඇතිවන මතභේදයකිනි.   මතභේදයට තුඩු දුන් මූලික හේතුව තවත් ඈතට සොයාගෙන යද්දී  මේ ගම් දෙකේ තරුණයෙක් සහ තරුණියක අතර ඇතිවන පෙම් සබඳතාවයක් පිළිබද ආරෝවක් විය. තිරික්කල් තරගය අතර වඩාත් තියුණු ලෙස උද්දීපනය වන්නේ ඒ විරසකයේ ගින්නය.

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

තිරික්කල් තරගය අතර ඇතිවු ආරවුල ගිනි ගත්තේය. පසුව එක් ගමක කණ්ඩායමක් ගොස් අනෙක් ගමේ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් කපා කොට මරා දැම්මේය. මේ මරා දමන්නේ මන්නාරමේ කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් වූ ද ඉන් උපයා ගත් බව කියන ධනයෙන් මන්නාරම නගරයේ හෝටලයක් ද පවත්වාගෙන යන බලපුලුවන්කාරයෙක් වූ ද ජේසුදාසන් නැමැත්තාගේ ඥාති පවුලක පුද්ගලයින්ය.

එම ඝාතනයට පලිගැනීමක් ලෙස 2023 අගෝස්තු මස 23 වැනිදා මන්නාරමේ අඩම්පන්හිදී පුද්ගලයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කළේය. මෙසේ ඝාතනය වන්නේ සහෝදරයින් දෙදෙනා ඝාතනයට සම්බන්ධවීම පිළිබඳ චෝදනා ලත් සැකරුවන් දෙදෙනෙකි. ඔවුන්ට පිස්තෝල ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර තිබිණි. ඝාතකයා සොයාගෙන තිබුණේ නැත.

ඉන් අනතුරුව දෙසෝයුරන් ඝාතන සිද්ධියේ සිටි තවත්කැ සැකකරුවෙක් කැබ්  රථයකින් හප්පා රිය අනතුරකට ලක් කර මරා දැම්මේය. එසේ මරා දැමුණේ සහෝදරයින් දෙනො ඝාතනයේ පළමු සැකකරුගේ ඥාතියෙකි. ගැටුමට සම්බන්ධව පසුගිය දා 16 වැනිදා වනවිට ඝාතන 05ක් සිද්ධ වී තිබිණි.

පසුගිය 16 දා 2022 ද්විත්ව ඝාතන නඩුව කැඳවන්නේ ඒ අතරය. එදින ඝාතනයේ නිශ්ඡිත සැකකරුවන් නඩුව සඳහා අධිකරණයට පැමිණ තිබිණි. ඒ අතර මින් පෙරද ඝාතන තැතකින් දිවි ගලවා ගත්  දෙසෝයුරන්  ඝාතන සිද්ධියේ පළමු සැකකරු ද විය. 2023 පෙබරවාරි 19 වැනිදා යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් ඔහු ඉලක්ක කර වෙඩි තබා තිබුණත් මේ තැනැත්තා ජීවිතය එදින බේරුණේය.

පසුගිය 16 වැනිදා සහෝදරයින් දෙදෙනා ඝාතනයේ චූදිතයින් මන්නාරම උසාවියට එන්නේත් මරණීය අවදානමක් පිළිබඳ සැකයක් ද සහිතවය. ඔවුන් සැක කළ ලෙසම එදින ඔවුන්ගේ ඉරණම විඳීමට කටයුතු සැලසුම් වී තිබිණි. පුද්ගලයින් 03ක් ඉලක්ක කරගෙන ඝාතන සැලසුමක් ක්‍රියාත්මක වූයේය. ඝාතකයා සූර වෙඩික්කරුවෙකි. යතුරුපැදියක පසුපස අසුනේ පැමිණි මුළු මුහුනම ආවරණය කරගත් ඝාතකයා දුර සිට ටක්කයටම අදාල ඉලක්ක ලබා ගත්තේය. ඉලක්ක කළ පුද්ගලයින් තිදෙනාගෙන් දෙදෙනෙක් මරා දමා අනෙකාට බරපතල තුවාල සිදුකළ ඝාතකයා පලා යන්නේ උසාවියට පැමිණ සිටි මිනිසුන් සිදුවන්නේ කුමක්දැයි නොදැන හිස් ලූලූ අත දිව යන අතරය. වෙඩි වැදී මිය ගිය එක් පුද්ගලයෙක් වූයේ මින් පෙර ඝාතන තැතින් ගැලවුන සහෝදරයන් දෙදෙනා ඝාතනයේ පළමු සැකකරුය.

සිද්ධියේ සුලමුල හෙලි වුන හැටි.

දැන් ගොං කරත්ත රේස් එක මුල් කරගත් ඝාතන ගණන 07කි. සහෝදරයින් දෙදෙනා ඝාතනය කිරීමට සම්බන්ධ වූ බවට සැක පුද්ගලයින් 05ක් සිද්ධියෙන් පසු ඝාතනය වී තිබිණි. මෙම ඝාතන සම්බන්ධව ජේසුදාසන් නැමැති මන්නාරමේ කුප්‍රකට අපරාධකරු සම්බන්ධ තොරතුරු පොලිසියට තිබිණි. පොලිසිය සිතාගෙන සිටියේ මේ පුද්ගලයා මේ වනවිට ඉන්දියාවේ සිටින බවකි.

අධිකරණ භූමිය අසල ද්විත්ව ඝාතනය වූ පසුගිය බ්‍රහස්පතින්දා (16) පොලිසිය වහාම ක්‍රියාත්මකවන පරිදි විශේෂ මෙහෙයුමක් මන්නාරම වටකරගෙන සිදුකළේය. ඒ මෙහෙයුම අතර කැලෑ බද ප්‍රදේශයක දී සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් අත් අඩංගුවට පත් වූයේය. ඉන් එක් අයෙක් අත්අඩංගුවෙන් මිදී සූක්ෂම ලෙස පලා ගොස් තිබිණි. අත් අඩංගුවට පත්වන අනෙක් පුද්ගලයා ආබාධිත සොල්දාදුවෙකි. ඔහුගේ එක් පාදයක් නැත. පොලිසිය සැකපිට ඔහුව අත් අඩංගුවට ගත්තේය.

ඝාතන වැලක සුලමුල එළියට

එකකට එකක් පරස්පර කතා කී මේ තැනැත්තා යුද හමුදාවේ විශ්‍රාමික ලාන්ස්කෝප්‍රල් කෙනෙකි. කකුලක් අහිමි වූ අයෙකි. අපේ වහරේ එන පරිදි රණවිරුවෙකි. ඔහුගේ ප්‍රශ්නකිරීම්වලින් පොලිසිය හඳුනා ගන්නේ මේ ආබාධිත හමුදා සෙබලා සමග සිටි බව කී පුද්ගලයා ඉන්දියාවේ සිටුනු ඇතැයි විශ්වාස කළ ජේසුදාසන් බවය.

පොලිසිය පොටක් පාදා ගත්තේය. ඉන් අනතුරුව විධිමත්ව දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරිනි. ආබාධිත හිටපු හමුදා ලාන්ස්කෝප්‍රල් සියල්ල එකින් එක හෙළිදරවු කරන්නට විය. ජේසුදාසන් ඔහුට මුලින්ම මුණ ගැසෙන්නේ අවුරුදු දෙකකට පෙරය. ඒ ඔහු දන්නා පාතාල සාමාජිකයෙකුගේ මාර්ගයෙනි. මේ පාතාල සාමාජිකයා ජේසුදාසන්ව හඳුනාගෙන තිබුණේ අපරාධයකට බන්ධනාගාරගතව සිටිය දී ය.

පාතාලයා හරහා හිටපු හමුදා ලාන්ස් කෝප්‍රල්ට කොන්ත්‍රත්තුවක් ලැබෙන්නේය. කොන්ත්‍රාත්තුව ප්‍රදානය කරන්නේ ජේසුදාසන්ය. ඒ ද්විත්ව ඝාතනයක් සඳහාය. ප්‍රශ්න කිරීම්වලදී හෙළිවන්නේ මෙතෙක් හෙළි නොවී තිබූ 2023 අගෝස්තු මස 23 වැනිදා මන්නාරමේ අඩම්පන්හිදී පුද්ගලයින් දෙදෙනෙක් පිස්තෝල ගිනි අවියකින් වෙඩි තබා මරා දැමීමේ සිද්ධියේ ඝාතකයා මෙම ආබාධිත හමුදා සෙබලා බවය.

උසාවිය අසල ඝාතකයා කවුද?

ජේසුදාසන් ඒ සිද්ධියත් සමග මෙම ආබාධිත හිටපු හමුදා පුද්ගලයා සමග සම්බන්ධතා ගොඩනගා ගන්නේය. ඒ සම්බන්ධතාවය උඩ පසු ගිය  දිනෙක   ජේසුදාසන් කෙළින්ම  ඔහුව අමතා තම  ඥාති සහෝදරයින් ඝාතනය කළ අපරාධයේ ප්‍රධාන සැකකරු ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දීමට සැරසෙන්නේය. එහෙත් මෙවර ඔහු ඒ කොන්ත්‍රාත්තුව භාරගන්නේ නැත.  ඔහු  ඒ සඳහා ජේසුදාසන්ට තෝරා දෙන්නේ   නාරාහේන්පිට හමුදා රෝහලේ සේවය කරන යුද තමන්ගේ හිත මිත්‍ර  හමුදා සෙබලෙකි. කොන්ත්‍රාත්තුව ලක්ෂ 20කි.

හමුදා සෙබලා එම කොන්ත්‍රාත්තුව ගන්නේය. 15 වැනිදා ඔවුන් දෙදෙනා බස්රියේ මන්නාරමට ගොස් ජේසුදාසන්ගේ හෝටලයේ නවතින්නේය. ඝාතන සිද්ධිය සියැසින් දැකගැනීම පිනිසත් අදාල කටයුතු සංවිධානය පිනිසත් මේ වනවිට  ජේසුදාසන්  ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ සිටියේය. ඒ බෝට්ටුවකිනි. හමුදා සාමාජිකයින් දෙදෙනා සමග එක්ව හෝටලයේ ගත කරන ජේසුදාසන් පසුදා උදේම ඝාතනය කොන්ත්‍රාත්තුව භාරගත් හමුදා සෙබලාට පිස්තෝල ගිනි අවියක් සහ යතුරුපැදියක් සමග පැදිකරුවෙක් ලබා දෙන්නේය. ඉන් අනතුරුව ඝාතනය සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා  ත්‍රීවිල් රථයක නැගුණු ආබාධිත හමුදා සෙබලා සහ ජේසූදාසන් උසාවිය අසලට  ගියේයත

ඝාතනය සිදුවුනේය. සිතුවාටත් වඩා හොඳින් අසුරු සැනින් ඝාතකයාත් පැදිකරුත් පලා ගියේය. ජේසුදාසන්ගේ ඊලඟ ඉලක්කය වී තිබුණේ වහාම සිය ඝාතක සගයා වූ ආබාධිත සෙබලා සමග බෝට්ටුවකින් සුපුරුදු ලෙස ඉන්දියාවට යෑමය. නමුත් නොසිතූ ලෙස මුහුද සැඩ වී ධීවර බෝට්ටුවවලින් සිදුවන ගමනාගමනය නැවතී තිබිණි. ආපසු හැරී එද්දී මන්නාරම නගරය වට කර දැවැන්ත මෙහෙයුමකි. සැලසුම මදකට අත්හල ජේසුදාසන් සහ ආබාධිත හිටපු හමුදා පුද්ගලයා පාලු ප්‍රදේශයක සැඟවුනේය. ඒ ඊලඟ අදියර ක්‍රියාත්මක කිරීමටය.

පොලිසියට හමුදා පුද්ගලයා කොටු වන්නේ ඒ අවස්ථාවේ දීය.

මන්නාරම් උසාවි ඝාතකයා කොටු කරගැනීම

මන්නාරම උසාවිය ඉදිරිපිට ද්වී පුද්ගල ඝාතනය කර ඇඳුම් පැළඳුම් ද මාරු කරගෙන කිසිවක් නොවූවාක් ඝාතකයා බස්රියක නැගී කොළඹ ඇවිත් තිබිණි. පැමිණ සිය සේවයට ද ඔහු වාර්තා කර තිබුණේය. මේ අතර අබාධිත හමුදා පුද්ගලයා විසින් ලබා දුන් තොරතුරු ප්‍රකාරව පොලිසිය කොළඹ දී හමුදා සේවයේ යෙදී සිටි ද්විත්ව ඝාතකයා අත් අඩංගුවට ගත්තේය.

නොවිසඳුන ද්විත්ව ඝාතනයක මිනීමරුවා මෙන්ම පසුගිය සතිය තුළ රට හෙල්ලූ ද්විත්ව ඝාතනයේ මිනීමරුවා දැන් පොලිසියට කොටු වී ඇත. ජේසුදාසන් ගැන තොරතුරක් නැත. තිබුණත් එය අදාලත් නැත. ඒ ඔස්සේ කටයුතු කිරීම අපරාධ වමර්ශන අංශ වෙත භාරය.

අප තැති ගන්නේ රටේ හමුදා පුද්ගලයින් පාතාල කොන්ත්‍රාත් කරන කුලී මිනීමරුවන් සේ භාවිතා කිරීම පිළිබඳ අප දැනගෙන හිටි යථාර්ථය සමාජ දේහයේ අප නොසිතන පතුලක් තෙක් ඔඩුදුවා ඇති බවට වූ කරුණු දිනපතා හෙළිදරවු වීමය. ඒ සංකීරණය රටක් සේ එක්ව මර්ධනය කළ යුතු ගැඹුරු ව්‍යසනයක් සේ පෙනෙන බව ලියා තබමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගල්කිස්ස සිරිපාල පාරේ ඝාතකයා පැයක් යන්නටත් පෙර   පොලිසියට කොටුවුන හැටි!

Next Post

ගංවතුරට ගහගෙන ආපු වන අලියා…

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.