ගම්පහ ලයිසියම් ජාත්‍යාන්තර විද්‍යාලයේ සිසුවියන්ගේ වැසිකිලි පද්ධතියේ තිබී නොමේරූ බිළිඳු කළලයක් හමුවීමත් සමග පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කරීමට සූදානම් වේ.
පෙරේදා (20) සවස මෙම බිළිඳු කළලය හමුවී ඇත්තේ පාසලේ වැසිකිලි සෝදන පුද්ගලයාටය .
සිද්ධිය සම්බන්ධව බෙම්මුල්ල පොලිසියට එදින සවස 4ට පැමිණිල්ල ලැබී තිබේ. පැමිණිල්ල ලැබීමත් සමග බෙම්මුල්ල පෙලිස් නිලධාරීන් ගම්පහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග එක්ව ගොස් විමර්ශන ආරම්භ කර ඇත.
ගබ්සාවක ස්වරූප පෙන්නුම් කරන බවත්, මෙම කළලය පැරණි එකක් නොවන බවත් පොලිස් විමර්ශනවලදී පෙනී ගොස් තිබේ.
මේ අනුව අද කළලය පිළිබඳව සිදුකරන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව අධිකරණ නියෝගයක් ලබාගෙන පුළුල් පරීක්ෂණයක් කිරීමට විමර්ශන අංශ සූදානම් වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.







