හෙට අලුයම 5.00 සිට කොළඹ සහ ගම්පහ දිස්ත්රික්කයේ තවත් ග්රාම නිලධාරි වසම් 13ක් හුදෙකලා කිරිමට තීරණය කළ බව රජය නිවේදනය කර සිටී.
ඒ අනුව කොළඹ දිස්ත්රික්කයේ කොම්පඤ්ඤවිදිය පොලිස් වසමේ හුණුපිටිය ග්රාම නිලධාරි වසම, කුරුඳුවත්ත පොලිස් වසමේ 60 වත්ත සහ වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලා පාර හුදකලා කිරීමට නියමිතය.
ගම්පහ දිස්ත්රික්කයේ වත්තල පොලිස් වසමත්, කෙරවලපිටිය , හේකිත්ත , කුරුන්ඳුහේන, ඇවරිවත්ත, වැලිකඩමුල්ල ග්රාම නිලධාරි වසම් පහත්, පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩවත්ත ග්රාම නිලධාරි වසම, පෑලියගොඩ ගඟබඩ ග්රාම නිලධාරි වසම, මිගවත්ත ග්රාම නිලධාරි වසම, පට්ටිය – උතුර ග්රාම නිලධාරි වසමත් හුදකලා කෙරේ.
තවද කිරිබත්ගොඩ පොලිස් වසමේ, වෙලේගොඩ ග්රාම නිලධාරි වසම හුදකලා කෙරෙනු ඇත.
මිට අමතරව මිට පෙර හුදෙකලා කළ කොළඹ දිස්ත්රික්කයේ බ්ලුමැන්ඩල් පොලිස් වසම සහ වැල්ලම්පිටිය පොලිස් වසමේ විජය පුර ග්රාම නිලධාරි වසම, හෙට අලුයම 5 සිට හුදකලා බවින් ඉවත් කෙරෙනු ඇත.
එමෙන්ම ගම්පහ දිස්ත්රික්කයේ වත්තල පොලිස් වසමේ අලුතින් හුදකලා කරන ප්රදේශ ලෙස නම් කළ කෙරවලපිටිය, හේකිත්ත, කුරුඳුහේන, ඇවරියවත්ත, වැලිකඩ මුල්ල ග්රාම සේවා වසම් හැර ඉතිරි ප්රදේශත්, පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩවත්ත ග්රාම නිලධාරි වසම, පෑලියගොඩ ගඟබඩ ග්රාම නිලධාරි වසම, මිගවත්ත ග්රාම නිලධාරි වසම, පට්ටිය – උතුර ග්රාම නිලධාරි වසමත් හැර ඉතිරි ප්රදේශත්, කැලණිය පොලිස් වසමත් හෙට අලුයම 05 සිට හුදකලා බවින් නිදහස් කෙරේ.
මේ සම්බන්ධව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.