කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –
වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 10 දෙනෙක් වාර්තා වු බව ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා ලංකාසරට පැවසීය.
පසුගිය සිකුරාදා (04) කොවිඩ් ආසාදිතයන් 09 දෙනෙක් වාර්තා වූ පසු ආර්ථික මධ්‍යස්ථානය වසා දමා එහි සේවය කළ සියලුම සේවකයින්ට හා වෙළෙඳසල් හිමියන්ට පී.සී.ආර්. පරීක්ෂණ සිදුක කළ අතර එහි වාර්තා ඊයේ රාත්‍රියේ ලැබී තිබිණි.
එම වාර්තා අනුව නව කොවිඩ් ආසාදිතයන් 10ක් වාර්තා වූ බවත් ඔවුන් අත්තනගල්ල, මිනුවන්ගොඩ හා මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල පදිංචිකරුවන් බවත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කීවේය.
මේ වනවිට වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයෙන් කොවිඩ් ආසාදිතයන් 21 දෙනෙක් වාර්තා වී ඇත.