කීර්ති ප්‍රනාන්දු –
ඉදිරි මහ මැතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් වැඩිවන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි.
මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයට ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 18කි.
ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ ද තෝරා පත් කරගන්නා මන්ත්‍රීවරුන් ගණන 19 දක්වා වැඩිවේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් මෙසේ එක් මන්ත්‍රීධූරයක් ගම්පහ දිස්ත්‍රික්කයට වැඩිවීම සිදුවන බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කයට මෙසේ එක් මන්ත්‍රීධූරයක් වැඩි වන විට යාපනය දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රීධූරයක් අඩු වී තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන් 225 දෙනා ගේ සංයුතිය තුළ මෙම වැඩි වීම සිදුවන බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් කීය.







