සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගනේමුල්ලේ සංජීව ඝාතනයට කොන්ත්‍රාත්තුව කෙහෙල්බද්දර පද්මේගෙන්!

by editor
පෙබරවාරි 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ පාතාලයේ ඔහුගේ පරම හතුරාවන ඩුබායි රාජ්‍යයේ සිටින මනුදිනු පත්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා විසින් බව විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබේ.

මනුෂ්‍ය ඝාතන 19ක් සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇති ගණේමුල්ල සංජීවට කෙහෙල්බද්දර පද්මේගේ පියාවන නෙවිල් පෙරේරා ඝාතනය කිරීමේ චෝදනාව ද එල්ල වී තිබුණි.

කෙහෙල්බද්දර පද්මේ

කෙහෙල්බද්දර පද්මේ…

කෙහෙල්බද්දර පද්මේ  තවමත් 37 හැවිරිදි කඩවසම් මෙන්ම උගත් තරුණයෙකි. උඩුගම්පල මහා විද්‍යාලයෙන් සහ කඳාන මැසනොද් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ජීව විද්‍යාව අංශයෙන් උසස් පෙළ සමත් ව තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කර පැහැසර අනාගතයක් පෙන්නූ තරුණයෙකි.

කෙහෙල්බද්දර පද්මේ නමින් ඔහු පාතාලයට ප්‍රවේශ වන්නේ ගණේමුල්ලේ සංජීව විසින්  ඔහුගේ පියා වූ නෙවිල් පද්මසිරි ඝාතනයේ පළිය ගැනීම සඳහාය.

පද්මේගේ ඝාතන සැලසුම

පද්මේගේ සැලසුම හොලිවුඩ් චිත්‍රපටයක ජවනිකා මෙන්ම තියුණුය. තිගස්වන සුළුය. 2023 ජනවාරි මුල් සතියේ සිට උසාවි සංකීර්ණයට ඇතුළුවන නීතිඥවරුන් සහ උසාවි භූමිය ආරක්ෂක පරීක්ෂාවකට ලක් වන්නේ නැත.

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

එමෙන්ම උසාවිය තුළ අවි සහිත රාජකාරියේ යෙදීමට කිසිම ආරක්ෂක නිලධාරියෙකුට නීතියෙන් හැකියාවක් නැත. විශේෂ කාර්ය බලකායට අධිකරණ ශාලා වෙත ප්‍රවේශවීම තහනම්ය. ඒ සියලු තත්ත්වයන් විමර්ශනය කර නීතිඥයෙක් ලෙස වෙස්ගන්වා වෙඩික්කරුවා එවන්නේය.

ඔහුත් කදිම පෞරුෂයක් සහිත නීතිඥ ඇඳුමින් සැරසුන විට කිසිම සැකයක් නොසිතෙන පෙනුමක් සහිත අයෙකි. ඔහු යුද හමුදාවේ හිටපු සෙබලෙකි. නම මොහොමඩ් අස්ලාම් ෂෙරීෆ් ඩීන්ය. සමිඳු දිල්ෂාන් පියුමංග කඳනආරච්චි නමින් වූ හැඳුනුම්පතකින් ද, නීතිඥ වරයෙක් ලෙස පෙනි සිටින කොඩිකාරගේ කසුන් ප්‍රභාත් නිශ්ශංක නමින් නීතිඥ හැඳුනුම්පතක් ද ඔහු විසින් සකසාගෙන තිබිණි.

කාන්තා නීතිඥ චරිතය

ඔහු සමගම තවත් කාන්තාවක් නිතිඥවරියක ලෙස අලුත්කඩේ අධිකරණ භූමියට ඇතුළු වන්නීය. ඇය පොලිසිය හොඳින්ම දන්නා මත්කුඩු ජාවාරම්කාරිය වූ පින්පුර දේවගේ ඉසාරා මධුවන්තිය. ඉසාරා මීගමුව කටුවැල්ලේගම පදිංචිකාරියකි. අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය තුළ සඟවා ඝාතකයාට ගිනි අවිය රැගෙන එන්නේ ඇයය. ඇය ගිනි අවිය ඝාතකයාට සපයා දි නික්ම යන්නීය. ඇය කෙහෙල්බද්දර පද්මේ සමග එක්ව ගනේමුල්ලේ සංජීව ඝාතනය කිරීමට සැලසුම් කර ඇති ආකාරය දැන් අනාවරණය වී ඇත.

ඝාතකයා වූ මොහොමඩ් අස්ලාම් ෂෙරෆ් ඩින් විත්තිකූඩුව තුළ ගණේමුල්ලේ සංජීවට වෙඩි තබා ඝාතනය කර ඇතුළේ වෙඩි තැබීමක්වන බවට කෑ ගසමින් වියවුල්කාරී තත්ත්වක් අති කර නිදහසේ අධිකරණ භූමියෙන් පිටවී යන්නේය.

මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම්වලට ලක්වන වෙඩික්කරු පාතාල අපරාධ ගණනාවකට සම්බන්ධ කුලී ඝාතකයෙකි. ඔහු අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වි ඇතැයි විමර්ශන අංශ කියයි.

ඝාතනයෙන් අනතුරුව ඔහු රටින් පැනගන්නට සැලසුම් කර තිබේ. ඒ වනවිට රටේම පොලිස් ස්ථාන සීරුවෙන් තබා තිබුණේ මෙම අපරාධකරු සොයා ගැනීම සඳහාය. මන්නාරමේ දී අත් අඩංගුවට පත් වන්නේ ඒ පලා යන ගමනේ දී ය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මීනගයා දුම්රියේ අලි රංචුවක් ගැටේ… අලි 06ක් මිය යති… 02කට බරපතලයි… දුම්රිය පීලි පනී!

Next Post

අධික උණුසුම නිසා වයඹ පලාතේ පාසල් ක්‍රීඩා උත්සව අත්හිටුවයි!

Related Posts

පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.