මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද (20)උදෑසන දක්වා ගෙවුන දින 19 තුළ වෙඩි තැබීම් 8 කින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මියගිය පිරිස අතර 4 දෙනෙකු සංවිධානාත්මක අපරාධකරුවන් බවට සැක කරන බවය.
මීට අමතරව මෙම වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇත. ගලහ ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් 24 හැවිරිදි තරුණයෙකු ද ජීවිතක්ෂයට පත් විය.







