ලලිත් චාමින්ද –
ලංකා සතොස සමාගම විසින් රුපියල් පහළොස් කෝටි විසිනව ලක්ෂ දෙදහස් තුන්සිය හතලිස් හතක මුදලක් (152,902,347) වැයකොට සතොස අලෙවිසැල් 313ක් සදහා ආරක්ෂික කැමරා පද්ධති ස්ථාපිත කිරීමට කටයුතු කළද මෙම වර්ෂයේ (2022) අප්‍රේල් මස 18 දින වනවිට ආරක්ෂිත කැමරා පද්ධති ක්‍රියාත්මකව පවතින්නේ අලෙවිසැල් 70ක් පමණක් බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ නිසා සතොස අලෙවිසැල් ජාලය සඳහා ආරක්ෂිත කැමරා පද්ධති ස්ථාපිත කිරිමේ අරමුණ ඉටුවී නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
එමෙන්ම වගකිම් කාලය අවසන් වු පසු මෙකී කැමරා පද්ධතිය නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය පියවරගෙන නොතිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම කැමරා පද්ධතියේ දර්ශන පරික්ෂා කිරීම හා ගබඩා කිරීම සඳහා ක්‍රමවේදයක්ද නොතිබු බව විගණනය මගින් අනාවරණයකොට ඇත
සතොස සමාගම විසින් අලෙවිසැල් 317ක ආරක්ෂිත කැමරා පද්ධති ස්ථාපිත කිරිම සඳහා පුද්ගලික සමාගමක් සමග 2016 වර්ෂයේ නොවැම්බර් මස 16 දින ගිවිසුමකට එළඹතිබුණි. මෙම පුද්ගලික සමාගම සමග ඇතිකරගත් ගිවිසුම අනුව වගකීම් කාලය වසර 02කි..
මෙම වර්ෂයේ 2022 ජුනිමස 25දින වනවිට සතොස අලෙවිසැල් 445ක මෙහෙයුම්කටයුතු පැවතියද ආරක්ෂිත කැමරා පද්ධති ස්ථාපිතකොට තිබුණේ අලෙවිසැල් 313ක් පමණි.
ආරක්ෂිත පද්ධති කැමරා පද්ධති ස්ථාපිතකර එකී අරමුණු සාධනය කරගැනීමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.







