දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ රාමනාදන්පුරම් සිට මන්නාරමට මත්පෙති ලක්ෂ හතක් ප්‍රවාහනය කරමින් තිබූ බෝට්ටුවක් සමග සැකකරුවකු රාමනාදන්පුරම් නාවික හමුදාව හා පොලීසිය විසින් ඊයේ ( 6) අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම මත්පෙති තොගයේ වටිනාකම ශ්‍රීලංකා රුපියල් කෝටි දහයක් පමණ වන අතර අත් අඩංගුවට පත්ව ඇත්තේ මන්නාරමේ ව්‍යාපාරිකයෙකි.
ඉන්දියාවේ රාමනාදන්පුරම් තිරුපුල්ලනි පෙරියපට්ටිනම් අසල පුදුමාඩම් වෙරළ තීරයේ සිට බෝට්ටුවකින් මත්පෙති තොගයක් ප්‍රවාහනය කරණ බවට ලැබුණු තොරතුරක් මත රාමනාදන්පුරම් නාවික හමුදාව හා පොලිසිය එම බෝට්ටුව පරීක්ෂා කිරීමේදී මත්පෙති තොගය හමු වී ඇති අතර ඒ අවස්ථාවේදී බෝට්ටුව පදවන ලද බෝට්ටුකරු මුහුදට පැන පීනාගොස් අතුරුදහ්න් වි ඇති බව ඉන්දීය මාධ්‍ය සදන් කරයි.
මත්පෙති තොගයේ අයිතිකරු හා මත්පෙති තොගය බෝට්ටුව සමග අත් අඩංගුවට ගෙන නාවික හමුදාව විසින් පෙරියපට්ටිනම් වෙරළට රැගෙන විත් තිබේ.
සැකකරු රාමනාදන්පුරම් පොලිසිය වෙත රැගෙන ගොස් ප්‍රශ්න කරගෙන යයි.
ඉන්දියාවේ ඖෂධ සමාගමක් විසින් නිපදවනු ලබන මෙම මත්පෙති ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට අලෙවි කිරීමේ අරමුණින් ඉන්දියාවේ සිට මන්නාරමට රැගෙන ඒම කාලාන්තරයක් තිස්සේම සිදුවන ජාවාරමකි.
මන්නාරමේ සවුත්බාර් ප්‍රදේශයේදී පොලිසිය විසින් පසුගිය සතීයේදී අත් අඩංගුවට ගත් මත්පෙති 31960 ක ප්‍රමාණයද මෙවැනිම මත්පෙති තොගයක් වන අතර එම මත්පෙති තොගයද රැගෙනවිත් තිබුණේ ඉන්දියාවෙනි.







