සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝට්ටේ පරාක්‍රමබාහු රජතුමා හැදූ කුරුළු උයනේ ජේ.ආර්. ඉදිකළ පාර්ලිමේන්තුව ගැන හන්තානේ කුරුළු උයන විවෘත කරමින් ජනපති කී කතාව…

by editor
පෙබරවාරි 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

6 වැනි පරාක්‍රමබාහු රජතුමාගේ සමයේ රටේ කුරුළු උද්‍යානයක් පැවති බවත් එම කුරුළු උද්‍යානයේ ජේ.ආර්.ජයවරධන මැතිඳුන් විසින් අද පාර්ලිමේන්තු සංකීර්ණය  පිටුවා ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ  මහනුවර, හන්තාන ප්‍රදේශයේ ඉදිකළ මෙරට ප්‍රථම සංක්‍රමණික පක්ෂි උද්‍යානය සහ පරිසර සංචාරක කලාපය  විවෘත  කිරීමේ අවස්ථාවට අද (20) පෙරවරුවේ එක් වෙමිනි.

මෙම පක්ෂි උද්‍යානය සිංගප්පූරුවේ ජුරෝන් බ්ර්ඩ් කුරුලු උයන ආදර්ශයට ගෙන   බව   කී ජනාධිපතිවරයා  ජුරෝන් බ්ර්ඩ් දියුණු කළේ සංචාරක කලාපයක් ලෙසින් බව පෙන්වා දුන්නේය.

ජනපති මැකෝ ගිරවෙකුට කෑම දෙමින්….

එවැනි කලාප දියුණු කිරීමේ අභිලාෂය සහිතව ආයෝජන මණ්ඩලය හා අපනයන සංවර්ධන මණ්ඩලය වෙනුවට ආර්ථික කොමිසමක් පත් කර එක් ආයතනයක් මගින් ආයෝජන සඳහා අනුමැතිය ලබා දීමේ සැලසුම් මේ වන විට සකස් කරමින් පවතින බවත් ඉදිරි සති දෙක තුනක කාලය තුළ එහි වාර්තාව ලැබීමෙන් පසු ඉදිරි කටයුතු ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය .

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අද මෙම ස්ථානයට පැමිණි විට තවත් කුරුලු උද්‍යානයක් මට සිහිපත් වුණා.  හය වන පරාක්‍රමබාහු රජතුමාගේ සමයේ දී මෙලෙසින් සකස් කර තිබූ කුරුලු උද්‍යානයක් තිබු බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ජේ ආර් ජයවර්ධන  ජනාධිපතිතුමා  එම කුරුලු දූපතේ  අද වන විට පාර්ලිමේන්තුව ස්ථාපිත කර තිබෙනවා

මෙම කුරුලු උද්‍යානය ඉදිකිරීමේ දී වසර 20ක කාලයක් විඳි දුක පිළිබඳ  කෝට්ටේගොඩ මහතා සඳහන් කළා. කෙසේ හෝ කෝට්ටේගොඩ මහතා අද මෙම ජාත්‍යන්තර කුරුලු උද්‍යානය රටට දායාද කර තිබෙනවා. එතුමා ප්‍රකාශ කළා සිංගප්පූරුවේ ජුරෝන් බ්ර්ඩ් කුරුලු උයන ආදර්ශයට ගෙන මෙම ජාත්‍යන්තර කුරුලු උයන නිර්මාණය කළා කියලා. මේ සමඟ මහනුවර පුරවරයේ සංචාරක වටිනාකම තවත් වැඩි වී තිබෙනවා.

සිංගප්පූරුවේ ජුරෝන්  නගරය  ආයෝජන කලාපයක් වශයෙන් තමයි දියුණු කළේ.  ශ්‍රී ලංකාව නව ආර්ථික ගමනක් සමඟින් ඉදිරියට යාමට නම්  ආයෝජන අවස්ථා වැඩි කළ යුතුයි. ලංකාවට ආයෝජකයින් පැමිණි පසු  ඔවුන්ගේ ව්‍යාපාර සඳහා අනුමැතිය ලබා ගැනීමට  වසර 10ක කාලයක්  ගතවෙනවා. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි.

නව ආර්ථික සැලැස්මක් යටතේ නිෂ්පාදනය, අපනයන ආර්ථිකය සහ තාක්ෂණික අංශ දියුණු කළ යුතුයි. ඒ සඳහා දෙස් විදෙස් ආයෝජනවලට වැඩි අවස්ථාවක් ලබා දිය යුතුයි. ආයෝජකයෙක් ලංකාවට පැමිණ ආයෝජන ආරම්භ කරන්න වසර 10ක කාලයක් ගත වෙනවා නම් එයින් ආර්ථිකයට ඵලදායි වාසියක් ලැබෙන්නේ නැහැ.

ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා මහ කොළඹ ආර්ථික සැලැස්ම මාස තුනක් වගේ කෙටි කාලෙකින් සම්මත කරලා ආරම්භ කළ නිසා එහි ආර්ථික වාසිය ලංකාවට ලැබුණා. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඇඟලුම් කර්මාන්ත 200 වැඩසටහනට සති තුනෙන් අනුමැතිය ලැබුණා. ඒ ආකාරයට ආයෝජන අවස්ථා වැඩි කළේ නැතිනම් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාවක් නැහැ. ආයෝජන මණ්ඩලය හා අපනයන මණ්ඩලය වෙනුවට ආර්ථික කොමිසමක් පත් කරලා එක් ආයතනයක් මගින් ආයෝජන සඳහා අනුමැතිය ලබා දීමේ වැඩ පිළිවෙළකට යොමු විය යුතුයි.

ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට දිලුම් අමුණුගම  ඇමතිවරයාට  පවරා තිබෙනවා. ඉදිරි සති දෙක තුනක කාලය ඇතුළත එහි වාර්තාව ලැබීමට නියමිතයි. ඒ අනුව එය ඉදිරියේ ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

එසේම අපේ රටේ සංචාරක කර්මාන්තයට වටිනාකමක් ලබා දෙමින් මෙම කුරුලු උයන ජාතියට දායාද කිරීම සම්බන්ධයෙන් මම ස්තූතිවන්ත වෙනවා.

සංක්‍රමණික පක්ෂි උද්‍යානයේ සහ පරිසර සංචාරක කලාපයේ සභාපති නිශාන්ත කෝට්ටේගොඩ පැවසුවේ විදේශ රටවලට ආවේණික පක්ෂීන්, සංක්‍රමණික පක්ෂීන් ආදීන්ගෙන් සමන්විත මෙම වනෝද්‍යානයේ තුවාල වූ පක්ෂීන්ට ප්‍රතිකාර කර මුදා හැරීමේ ඒකකයක් ද ස්ථාපිත කර ඇති බවය.

විදේශීය පක්ෂීන් බෝ කිරීම සහ අපනයනය කිරීමේ ඒකකයක්,     පාසල් සිසුන් සඳහා අධ්‍යාපනික හා විනෝදාත්මක මධ්‍යස්ථානයක් සහ ස්වභාවික පක්ෂි අධ්‍යයනායත්නයකින් ද මෙම ස්ථානයේ ස්ථාපිත කර ඇත.

හන්තානේ තේ කෞතුකාගාර පරිශ්‍රයට යාබදව පිහිටා ඇති  අක්කර 27 ක භූමි භාගයකින් යුත් මෙම  ජාත්‍යන්තර පක්ෂි උද්‍යානය සහ පරිසර සංචාරක කලාපය  රුපියල් මිලියන 490ක වියදමින් ස්ථාපිත කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහ මග දෙනෝදාහක් ඉදිරියේ ගැටුණු මේජර් ජනරාල් සහ බ්‍රිගේඩියර් දැරූ තනතුරුවලින් ඉවතට…

Next Post

හන්තානේ කුරුළු උයන හැදීමේ දී රාජ්‍ය නිලධාරීන් අල්ලස් ඉල්ලූ හැටි සභාපතිවරයා ජනපති ඉදිරියේ හෙළි කරයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.