කොළඹ මහ නගර සභාවට සමගි ජන බලවේගය ලබා දුන් සභික නාම යෝජනා දෙකක් සංශෝධනය කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස එම පක්ෂය මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.
ඒ පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ සභික නාම ලේඛන ලබන 30 වැනිදාට පෙර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට ලබා දෙන්නැයි නියම කරමින් මැතිවරණ කොමිසම අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන පසුබිමකය.
ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ පළාත් පාලන ආයතනවල ධූර කාලය ආරම්භ කිරීමට පෙර තේරී පත් වූ සහ තෝරා එවා ඇති සභිකයින්ගේ නම් ගැසට් පත්‍රයේ පල කළ යුතුව ඇති බවය. මැතිවරණය අවසන් වී දින 21ක් ගතවී ඇතත් තෝරා එවිය යුතු නියමිත සභික සංඛ්‍යාව මෙතෙක් ලැබී නොමැති බව එම ගැසට් නිවේදනයේ සඳහන් වී තිබිණි.
එම ගැසට් නිවේදනයේ දැක් වෙන්නේ එක් එක් පක්ෂයේ සහ කණ්ඩායම් විසින් තෝරා එවිය යුතුව ඇති සියලුම සභිකයින්ගේ නම් ලබන 30 වැනිදා මධ්‍යම 12ට පෙර අදාල පලාත් පාලන ආයතනයේ තේරීම් භාර නිලධාරිවරුන් වෙත නම් කර එවිය යුතු බවය.
කොමිසම වැඩිදුරටත් දන්වා ඇත්තේ 30 වැනිදා වනවිට සභික නාම ලේඛන නොලැබෙන්නේ නම් සභිකයින් නම් කිරීමේ වගකීමෙන් කොමිසම ඉවත් වෙන බවය. ( නිවුස් ෆස්ට් )







