බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ නගර සභා ඡන්දය වැරදියි… පළාත් පාලන කොමසාරිස්වරියට එරෙහිව අධිකරණයට යනවා…මුජිබර් කියයි!

by editor
ජූනි 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • ඊයේ හවස වෙනක්ම ආණ්ඩුවට තිබුණේ ඡන්ද 55යි.  අපේ ලිස්ට් එකේ අය 6ක් ගත්තේ ඩීල් එකක් ගහලා. ජනතා විමුක්ති පෙරමුණේ කැත දේශපාලනය අද රටටම හෙළි වුනා… 

  • පළාත් පාලන කොමසාරිවරිය නීති විරෝධී වැඩක් කළේ. පළාත් පාලන පනතේ කිසිම තැනක රහස් ඡන්දයක් පැවැත්විය යුතුයි කියලා සඳහන් කරලා නෑ. මාර්ගෝපදේශනවලත් එහෙම එකක් නෑ…

පලාත් පාලන ආඥා පනත සහ මාර්ග උපදේශන උල්ලංඝණය කරමින් පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කරමින් රහස් ඡන්දයක් පැවැත්වූ බවත් මේ නීති විරෝධී ඡන්ද විමසීම සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට සමගි ජන බලවේගය සූදානම් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද (16) ප්‍රකාශ කළේය.

ඔහු කීවේ ජනතා පවතින දූෂිත යැයි කී ක්‍රමය වෙනස් කරන බව ජනතාවට පොරොන්දු වී බලයට අත්පත් කරගත් ජනතා විමුක්ති පෙරමුණේ කැත මජර දේශපාලනය අද කොළඹ නගරසභා ඡන්දයේ දී රටට පෙන්වු බවය. නාගරික කොමසාරිස්වරියට බලපෑම් කර රහස් ඡන්දයක් පැවැත්වීම සඳහා සියලුම කටයුතු සූදානම් කර තිබූ බව ද පළාත් පාලන කොමසාරිස්වරිය ඡන්ද විමසීමට පැමිණියේම රහස් ඡන්දයක් පැවැත්වීමේ අභිලාෂයෙන් බවද කී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරු 60 දෙනෙකුගේ අත්සන් ලයිස්තුවක් ඒකාබද්ධ විපක්ෂය සතුව තිබුණු බව කීවේය.

ජාතික ජන බලවේගයට තිබුණේ මන්ත්‍රී ආසාන 52ක් බව කී මුජිබර් රහුමාන් ඊයේ දිනයේ ජනාධිපතිවරයා කැඳවූ අවස්ථාවේ දී ද මන්ත්‍රී ධූර 55ක් පමණක් තිබුණු බව හෙළි කළේය. විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ පිරිස් වරප්‍රසාද වරදාන දී බිලී බාගත් ආකාරය දැන් රටටම පැහැදිලි බව කී මුජිබර් වැඩිදුරටත් පැවසුවේ තම කණ්ඩායම තමන් සමග සිටි ද්‍රෝහීන් හඳුනාගෙන ඇති බවය. හෙට අනිද්දා වෙනවිට මේ මන්ත්‍රීවරුන්ට ලැබෙන වරප්‍රසාද වරදාන හෙළිවන විට ජනතා විමුක්ති පෙරමුණ ගැසූ ඩීල් එක හෙළි දරවු වනු ඇති බව දී මන්ත්‍රීවරයා වැඩි දුරටත් මෙසේ ද කීවේය.

“නගරාධිපතිවරයා, සභාපතිවරයා තෝරා ගැනීමේදී ඒ සඳහා රහස් ඡන්දයක් ද විවෘත ඡන්දයක‍් ද කියන එක වැදගත්. විශේෂයෙන්ම මාර්ගෝපදේශනයේ පැහැදිලිව කියලා තියනවා විවෘත ඡන්දයකට යන්න ඕන කියලා. ”

“එහෙම තියෙද්දි පළාත් පාලන කොමසාරිස්වරිය මෙතෙන්ට එනකොටම තීන්දු කරන් ආවේ රහස් ඡන්දයකට යනවයි කියන එක. එතුමිය මෙතෙන්ට එනකොට තීන්දු කරලා ආවේ. ඉස්සරවෙලාම එයා කියන්නේ සභාවෙන් අහලා තමයි මේ වැඩේ කරන්නේ කියලා. එයා සභාවෙන් අහනවා රහස් ඡන්දයකට යනවද විවෘත ඡන්දයකට යනවද කියලා. ඊට පස්සේ එයා තීන්දු කරනවා රහස් ඡන්දයක් තියනවා කියලා.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

“ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේ දී පෙනී හිටියේ විවෘත ඡන්දවලට. රහස් ඡන්දවලට නෙමෙයි. ඒ අය අද තමන්ගේ ඩීල් දේශපාලනය ලෝකයමට පෙන්නුවා. ජනතාව මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ මේ වගේ පහත් ක්‍රියාවක් කරන්න නෙමෙයි. අලුත් දේශපාලනයක් හදන්න. නමුත් අද මොකක්ද පෙන්නුවේ. ජනාධිපතිගෙ කණ්ඩායම රහස් ඡන්දයකට ගියෙ. රහස් ඡන්දයකට ගියේ ඩීල් එකක් දාලා කොහොමහරි දිනාගන්න. වරප්‍රසාද වරදාන ලබා දීලා ඡන්ද ටික ගන්න. ඒ අයට විවෘතව ඡන්දය තිබ්බා නම් ඡන්ද 52යි තිබුණේ. ඡන්ද 61ක් තිබුණෙ නෑ. ජනාධිපතිතුමා ඊයේ ජනාධිපති මන්දිරයට ගෙන්නුවා කණ්ඩායම. තිබුණේ ඡන්ද 55යි.

ඒ අය දන්නවා මේක මෙහෙම ගියොත් දිනන්න බැරි නිසා ස්වාධීන කණ්ඩායම් හා යම් යම් අයත් එක්ක රහසිගත එකඟත්වයට ආවා. ඒක පැහැදිලියි. ඇයි මාලිමාව බව උනේ විවෘත ඡන්දයකට යන්න. විනිවිද භාවය ගන්න බය නැතිව කොන්ද කෙළින් කරන් යන්න ඕන කියලා. .

තියන නීති රාමුව එක්ක අපට තීන්දුව ගන්න වුනා. එතුමිය දිගින් දිගටම බලපෑම් කළේ. සාකච්ඡා යන අතරේ ඡන්ද පෙට්ටි ගෙනාව. එතනදි අපට ගිහින් රණ්ඩු වෙන්න බෑ. එතන කචල් දාන් තීන්දුවක් ගන්න බෑ. මේක නිකම් අරින්නේ නෑ. දැනටම නීතිඥවරු දන්වලා තියනවා මේ කොමසාරිස්වරිය කළේ නීති විරෝදී වැඩක් කියලා. පළාත් පාලන පනතේ කොතැනකවත් නෑ රහස් ඡන්දයක් ගැන. එතුමිය පනත පෙන්නුවෙත් නෑ.

මේ මාර්ගෝපදේශය වෙනස් කර තියනවා නම්, අලුත් මාර්ගෝපදේශයක් තියනවා නම් ඒක පෙන්වන්න ඕන. කඩුගන්නාවට එක මාර්ගෝපදේශයකුත් කොළම නගර සභාවට එක මාර්ගෝපදේශයකුත් තියෙන්න බෑ. ඒ දෙකම එක මාර්ගෝපදේශයක් වෙන්න ඕන.

අපට පැහැදිලිව පේනවා. ආණ්ඩුව කොළඹ නගර සභාව කොහොමහරි දිනනවා කිව්වා. කොහොමහරි දිනලා පෙන්නුව. වරදාන වරප්‍රසාද දීලා වෙන්න ඕන. අපේ හැටේ ලියුමේ අත්සන් කළ අය 06ක් ආණ්ඩුවට ඡන්දය දුන්නා. ඒ අය අපිත් එක්ක හිටියා. මෙහෙම යන්නේ නිකම් වෙන්න බෑ. මොනවා හරි ඩීල් දාලා ඇති. අපේ ලියුමට අත්සන් කරලා ආණඩුවට ඡන්දය දෙනවා කියන්නේ ඩීල් එකක් හින්දනේ.

ඒ ඩීල් හෙට අනිද්දා හෙළිවේවී…. අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරනවා කියලා අලුත් ක්‍රමයක් හදන්න සභිකයින්ගේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂා කරනවා කියලා අනුර කුමාර දිසානායක ඇවිත් කරපු දේ ජනතාව තේරුම් ගන්න.. මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කීවේය. ලයිෆ් ට්‍රැවලර් යූ ටියුබ් නාලිකාව අවස්ථාව ආවරණය කර තිබුණේ මෙසේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොළඹ නගර සභාවේ මන්ත්‍රීකමක් අරන් සභාව නියෝජනය කරන්න ආවේ රෙද්දක් ඇඳගෙන ද?. ETI තැන්පත් කරුවෝ දීපා එදිරිසිංහගෙන් අසති!

Next Post

අද තිබුණේ කොළඹ නගර සභා ඡන්දය නෙමෙයි… නිලධාරියාගේ ඉඳන් පහළට තිබ්බ ඩීල් එකක්… යටින් ඩීල් දාලා හොඳට පුරුදු JVP එක NPP නමින් වඩාත් හොඳට ඩීල් දාන විදිහ රට දැක්කා…. නාමල් කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.